Saturday, June 15, 2013

නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන දිවි නසාගන්න පුළුවන්ලු

On-line-Anura-horesasනියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන දිවි නසාගන්න පුළුවන්ලු
- පැමිණිල්ලේ නීතිඥයා අනතුරු අඟවයි
hee2මට තේරුණා මේ වැඩේ උඹලා කරනවා කියලා. හැබැයි උඹලට බෑ මාව හැමදාම ඇතුළේ තියාගෙන ඉන්න. මම එළියට ආපු දවසට බලාගනින්ලා උඹලට කරන දේ. ශානි මම මිනීමරුවෙක්
  රාජ්‍ය (හිටපු) නිලධාරියෙක් කිසිම දවසක සිය ක්‍ෂේත්‍රයේ පහළ නිලධාරීන්ට මේ ආකාරයට මරණ තර්ජනයක් කර ඇතැයි මා අසා නැත. ඔබද එසේ අසා නැතුවාට සැකයක් නැතමේ ආකාරයට මරණ තර්ජන කර ඇතැයි පැවසෙන්නේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන බව රහස් ‍පොලිසියේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසයි.

වාස් ගුණවර්ධන ඉකුත් මැයි 09 වැනිදා දක්වා රාජකාරි නිල ඇඳුම් ඇඳගත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකි. ඔහුට එරෙහිව දැඩි චෝදනාවක් දැන් එල්ල වී තිබේ. ඒ නිරායුධ මිනිසෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමයි.
මෙම චෝදනාව අනුව රහස් ‍පොලිසිය ඉකුත් මාසයේ අවසාන සතියේ පටන් ආරම්භ කළ 
පරීක්ෂණවලදී සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් අතරේ පෑලියගොඩ ‍පොලිසියට අනුයුක්තව සේවය කළ උප ‍පොලිස් පරීක්ෂකවරයෙකු සහ ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ද වූහ. ඔවුන් තිදෙනා වාස් ගුණවර්ධන යටතේ සේවය කළ අය බව කියති. 
මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අදාළ පුද්ගලයන්ගේ ඝාතන සිදුවූයේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධනගේ අවශ්‍යතාව සහ අනුදැනුම මත බව අනාවරණය වී යැයි රහස් ‍පොලිසිය පවසයි.
ඒ අනුව ‍පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේදී ඔහු හිඳ සිටි පුටුව පසෙකට වේගයෙන් තල්ලු කර නැගිට උස් හ¾ඩින් මට තේරුණා මේ වැඩේ උඹලා කරනවා කියලා. හැබැයි උඹලට බෑ මාව හැමදාම ඇතු‍ලේ තියාගෙන ඉන්න. මම එළියට ආපු දවසට බලාගනිල්ලා උඹලට කරන දේ. මම මිනීමරුවෙක්.' යනුවෙන් තර්ජනය කළ බව රහස් ‍පොලිසියේ සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසා ඇත. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සාබ්දීන් මහතා හමුවට 15 වැනිදා දහවල් මෙම අපරාධය පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමිනි.
හිටපු උසස් රාජ්‍ය නිලධාරියෙකු වූ වාස් ගුණවර්ධන 'මම මිනීමරුවෙක්' කියා සැබැවින්ම පැවසුවා නම් එක්කෝ ඔහුට පිස්සු යැයි සමහරු කියන්නට බැරි නැත. නැත්නම් ඇත්තටම ඔහු මිනීමරා හෝ මිනීමරන්නට අනුබල දී ඇතැයි යන විශ්වාසයක් ඇති වෙයි. එම විශ්වාසය අද සමාජය තුළ තහවුරු වන්නට පටන් ගෙන ඇත. ඒ වාස්ගේ නියෝග මත මරා දැමුවා යැයි කියන පුද්ගලයාගේ සිද්ධියත් සමගයි.
එම සිද්ධිය වර්තමාන සමාජය තුළ මේ තරම් දැඩි කතාබහට ලක්වන්නට ප්‍රධාන හේතුව වූයේද වාස් ගුණවර්ධනමයි. ඒ ඔහු නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයක් හෙබවූ බැවින්ය. රටේ ‍පොලිසියේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් සියලු දෙනා අපරාධකරුවන් නොවන නමුත් ඉහළම නිලධාරියෙක් මෙහෙම කරයි නම් ‍පොලිසියේ කොස්තාපල්වරුන්ගේ පටන් ඉහළට දහස් ගණන් නිලධාරීන් අතුරින් සමහරුන් මොනතරම් සහගහන අපරාධ රටේ අහිංසක නිරායුධ මිනිසුන්ට සිදු කරනවා ඇද්දැයි යන සැකය සමාජය තුළ දෝංකාර නැංවීම පුදුමයට කාරණාවක් නොවේ.
මේ වනවිට වාස් ගුණවර්ධනගේ නිල ඇඳුම් ‍පොලිසිය විසින් ගලවා ගෙන තිබේ. ඔහු දැන් හැඳ සිටින්නේ 'ලෙඩ' ඇඳුමකි. ලෙඩ ඇඳුම පිටින් හෙතෙම කොළඹ ජාතික රෝහ‍ලේ වාට්ටුවක ප්‍රතිකාර ලබයි. වාස් ගුණවර්ධන අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ හෘද රෝගයෙන් පීඩා විඳින බව ‍පොලිස් රෝහ‍ලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් සහතික කිරීම හේතුවෙන් 13දා දහවල් හෙතෙම ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබිය.
එම තත්ත්වය ඇතුළු ඝාතනයේ තවත් තොරතුරු රැසක් සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාබ්දීන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහල  බලා ගියේය. ඒ වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයට පත්කිරීමට පෙර ඔහුගේ සැබෑ තත්ත්වය නිරීක්ෂණය කිරීම පිණිසයි.
hee3
වාස්ට එරෙහි චෝදනා රැගෙන ශානි උසාවියේ

සැකකරු පරීක්ෂා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ දැඩි ‍පොලිස් ආරක්ෂාව යටතේ වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝග කරන බවයි. ඒ අනුව වාස් ගුණවර්ධනට දිගටම ප්‍රතිකාර ලබන්නට අවසර හිමි විය.
එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා මහේස්ත්‍රාත්වරයා හමුවෙහි කියා සිටියේ වාස් ගුණවර්ධන මිනීමරුවන් සහ වෙනත් අපරාධකරුවන් රැසක් අල්ලා ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබෙන බැවින් වාස්ව රිමාන්ඩ් නොකරන ලෙසයි. ඒ ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවිනි.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මීට පෙර වාස් ගුණවර්ධන දෙවරක් සියදිවි නසාගන්නට උත්සාහ කළ බැවින් ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දෙන ලෙසයි. නැත්නම් ඉදිරි විමර්ශනවලට එය බාධාවක් විය හැකි බවයි.
කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් නමැත්තා මැයි මස 22 වැනිදා පැහැර ගෙන දොම්පේ ප්‍රදේශයට ගෙන ගොස් නිරුවත් කර හිසට වෙඩි තබා ඝාතනය කර තිබිණ. මෙම අපරාධය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි තවමත් විභාග වෙමින් තිබේ.
නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට මෙම ව්‍යාපාරිකයා මරා දමන්නට අවශ්‍ය වූයේ ඇයි යන කාරණාවද එළියට ඇදෙමින් තිබෙන බව රහස් ‍පොලිසිය කියයි.
රහස් ‍පොලිසිය පවසන අන්දමට ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා, තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි හතරක මුදලක් ණයට ලබා ගෙන ඇත. නමුත් එය ගෙවීම පැහැර හරිමින් කට්ටි පනින්නට වීම නිසා ඔහු ඝාතනය කරන්නට සල්ලි ණයට දුන් පුද්ගලයා තීරණය කර තිබේ. එම ඝාතනය ගැන මොහු සාකච්ඡා කර ඇත්තේ නියෝජය ‍පොලිස්පති වාස් ගුණවර්ධනගේ මිතුරකු යැයි කියන ක්‍රිෂාන්ත නැමැති අයෙකු සමගය. ක්‍රිෂාන්ත වාස් ගුණවර්ධන සමග සාකච්ඡා කර රුපියල් කෝටියක මුදලක් වාස් ගුණවර්ධනට ලබා දෙන ‍පොරොන්දුව මත මෙම ඝාතනය සිදුකරන ලදැයි දැනට අනාවරණය වී තිබෙන බව රහස් ‍පොලිසිය පවසයි. ඝාතනයෙන් පසු රුපියල් කෝටිය වාස් ගුණවර්ධනට ලබාදී තිබෙන බවත් රහස් ‍පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
වාස් ගුණවර්ධන සම්බන්ධ ආන්දෝලනාත්මක මෙම සිදුවීම අද ඇසෙන  විට මීට ස්වල්ප කාලයකට පෙර වාස් ගුණවර්ධන ගැන එක දිගට ප්‍රශංසා මුඛයෙන් රටේ ජනතාව කතා කළ හැටි සහ ජනමාධ්‍යවල ඔහු සම්බන්ධව කතා පළවූ අන්දම කිසිසේත්ම අමතක කරන්නට බැරිය. සමාජය මොනතරම් විස්මිත දැයි සිතෙන්නේ එවිටය.
වාස් ගුණවර්ධන ගැන ආසන්නම සිද්ධීය වාර්තා වූයේ ‍පොලිස් උත්සවයකදීය. එතැන ප්‍රධානම අමුත්තා වූ ඔහු ප්‍රසිද්ධියේ ‍පොලිස් නිලධාරීන්ට පැවසුවේ මින්පසු දේශපාලනඥයන්ගෙන් ගුටි කා ‍පොලිසියට අඩියක් නොතබන ලෙසයි.
ඒ වනවිට රටේ විවිධ පැතිවලින් වාර්තා වූයේ තුත්තිරි ගාණට සිටින දේශපාලනඥයන් සමහරු ‍පොලිස් නිලධාරීන්ට පහර දී පන්නා දමන සිද්ධිය. වාස් ගුණවර්ධන පැවසුවේ වීදි සංචාරය කරන නිලධාරීන්ට බැටන් ‍පොලු වැඩක් නැති බවත්, ගිනි අවි සහ පතරොම් ලබාදීමට තමන් පියවර ගන්නා බවත්ය. දේශපාලකයින්ගෙන් ගුටි කා පතරොම් සහ තුවක්කුව රැගෙන ‍පොලිසියට අඩිය නොතබන ලෙසට වාස් එදින නියෝග කළේය.
දේශපාලකයන්ට 'තඩි බාන්නේ' කොහොමදැයි කල්පනා කරමින් සිටින ජනමාධ්‍යයට වාස් ගුණවර්ධන ඒ මොහොතේ කේසර සිංහයෙකු විය. ඔහුගේ කතාවට ජනමාධ්‍ය තුළ කැපී පෙනෙන ඉඩකඩක් වෙන් කෙරිණ. 
ඊට පෙර වාස් ගුණවර්ධන ගැන සමාජය කතා කරන්නට වූයේ කහවත්ත කොටකෙතන මූලාශ්‍ර කර ගනිමින්ය. 
පසුගිය වසර එකහමාරක පමණ කාලයක් කහවත්ත කොටකෙතන ප්‍රදේශවල මරා දමන ලද කාන්තාවන්ගේ සංඛ්‍යාව පහළොවක් පමණ විය. කපා, කොටා, මරා දමන්නට පෙර සාහසිකයන් විසින් එම කාන්තාවන් දූෂණයට ලක් කර තිබිණි. අනතුරුව මළ සිරුරු එම නිවෙස් තුළට දමා ගිනිබත් කර ඇත්තේ සාක්ෂි කිසිවක් ඉතිරි නොවන ආකාරයටය. 
මෙම ඝාතන රැල්ල මඩින්න ‍පොලීසිය යෙදූ උපක්‍රම කිසිවක් සාර්ථක වූයේ නැත. රහස් ‍පොලිස්, බුද්ධි අංශ නිලධාරීන්, සිවිල් ආරක්ෂක භටයින් ‍පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකා සෙබළුන් ආදී ආරක්ෂක       සේවාවන්ට අයත් හයසියයකට ආසන්න පිරිසක් කහවත්තට හා කොටකෙතනට රැකවල් දුන්හ. කොටකෙතන ගමේ වැසියන්ට නිවසේ දොරක් ජනේලයක් විවර කළත් දකින්නට ලැබුණේ ආරක්ෂක භටයෙකුගේ මුහුණකි. එහෙත් කාන්තා ඝාතන කෙළවරක් නොවීය. 
මෙම ඝාතන රැල්ල අවසන් කිරීම සඳහා පත්වීම් ලැබ රත්නපුරයට පැමිණියේ වාස් ගුණවර්ධනයි. එවිට ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයෙකි. 
මෙම ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් කීප දෙනකු එම අවස්ථාවේ පසු වූයේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන්නන් ඝාතනවලට වගකිවයුත්තන් නොවන බව වාස් ගුණවර්ධන ආරම්භ කළ විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි ඒ දිනවල ජනමාධ්‍ය වාර්තා කළේය. අපරාධකරුවන් නිදැල්‍ලේ පසුවන බව ඉන් ගම්‍ය විය. ඊළඟ නඩු වාරවලදී රිමාන්ඩ්භාරයේ සිටි සැකකරුවන්ට උසාවිය මගින් අප නියම කෙරිණ.
ඇප මත නිදහස්වී පැමිණි සැකකරුවන්ට වැඩි දිනක් නිදහසේ ගතකරන්නට වාසනාවක් නොලැබිණ. කවුරුන්දෝ ඔවුන් පැහැර ගත්හ. පසුව බිහිසුණු ලෙස ඝාතනය කර තිබූ එම සිරුරු ඥාතීන්ට හමු විය. පැහැරගනු ලැබූ තවත් සමහරුන් අදටත් අතුරුදන්ය.
කොටකෙතන භීෂණය නිමා වූයේ එලෙසින්ය. පසුගිය කාලයේ එකදු ඝාතනයක් හෝ කොටකෙතනින් වාර්තා නොවූයේ උසාවියෙන් එළියට පැමිණි පුද්ගලයන්ගේ  අභිරහස් ඝාතන හේතුවෙනි. එම ඝාතන හේතුවෙන් සැබෑ අපරාධකරුවන් ත්‍රස්ත වී පලා ගියහ. නැත්නම් ඝාතනයට ලක්වූයේ සැබෑ අපරාධකරුවන්මය.
රත්නපුරයට වාස් ගුණවර්ධන පත්කර එවන ලද්දේ ඔහු ගාල්ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයා ලෙස සේවයේ යෙදී සිටියදීය.
ගාල්ල නගරය බිහිසුණු අපරාධ රැල්ලකින් හෙල්ලී ගොස් තිබූ වකවානුවේ වාස් ගුණවර්ධන ගාල්ලට පත්කර එවනු ලැබිය. ගාල්ල, ඩික්සන් පාරේදී මහ දවල් කුමාර සෙනෙවිරත්න නමැත්තෙකු ඝාතනය කළේ සිය ගණන් බලා සිටියදී ඔහුගේ අත් පා වරින්වර වෙන් කරමින් ම්‍ලේච්ඡ ආකාරයෙනි. 
ඔහුගේ සොහොයුරා ගාල්ල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුෂ්‍යන්ත සෙනෙවිරත්න නැමැති අයටද වෙඩි තබා මරා දැමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරාද කපා කොටා මරා දමන ලදී.
මෙම සහාසික අපරාධ සම්බන්ධයෙන් ‍පොලිස් පරීක්ෂණ ආරම්භ වුවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන භීෂණයට තිත තබන්නට ‍පොලිසියට නොහැකි විය. එම අවස්ථාවේ ගාල්ලේ භීෂණය මඩින්නට පත්කර එවනු ලබන්නේ එහි නව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ලෙස වාස් ගුණවර්ධනය.
සතියකට හමාරකට පමණ පසු ගාල්ල, ‍පෝද්දල උඳු පඳුරු අතර තිබි තරුණයන්ගේ මළ සිරුරු පහක් හමුවිය. දෑත් ගැටගසා හිසට වෙඩි තබා තරුණයන් පස් දෙනා ඝාතනය කර තිබිණ.
මෙසේ මරා දමා ඇත්තේ ඩික්සන් පාරේදී ඝාතනය කළ කුමාර සෙනෙවිරත්නගේ ඝාතකයන් යැයි ‍පොලිසිය ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරවන්නට බොහෝ උත්සාහ ගත්තේය. නමුත් එම තරුණයන් කුමාර සෙනෙවිරත්න ඝාතනයේ වගකිවයුත්තන් නොවන බව ඥාතීහු ‍පොළවේ හැපෙමින් කීහ.
මෙම  තරුණයින්ගේ ඝාතනය සමග අදටත් ගාල්ල නිහඬය. භීෂණයක් දැන් නැත. කුමාර සෙනෙවිරත්න ඝාතනයේ සැබෑ මිනීමරුවන් යයි සැකකෙරුණු අය ඔවුන්ට එරෙහිව තිබූ වරෙන්තු සම්බන්ධයෙන් වහාම උසාවියට භාර වී රිමාන්ඩ් බන්ධනාගාරගත වූයේ ජීවිතය රැකගන්නටය.
මේවා සිදුවූයේ කෙසේදැයි දන්නෝ දනිති. වාස් ගුණවර්ධන වෙනුවෙන් එදා අත්‍පොළසන් දුන් උදවියටම අද ඔහු ගැන මෙලෙස චෝදනා එල්ල කරන්නට සිදුවීම පිළිබඳ ඇත්තේ මෙබඳු පිළිතුරකි.
ඒ, රටේ නීතිය වල්වැදී අවනීතිය මතුවී තිබෙන බවයි. එය ගාල්ලට, කොටකෙතනට පමණක් නොව වාස් ගුණවර්ධනටද අදාළය. 

Thursday, June 13, 2013

වාස් ගුණවර්ධන සහ දඩයම්කරුවා

On-line-Anura-horesas
කෝටිපති ව්‍යාපාරිකයකු වූ ‍මොහොමඩ් සියාම් නැමැත්තාගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිසිය බස්නාහිර උතුර භාර නියෝ‍ජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැමැත්තා ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය. මෑත කාලයේ රටේ ඉහළම රාජ්‍ය hise2නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවක් වශයෙන් මෙම සිද්ධිය පෙලිස් අපරාධ විමර්ශන ඉතිහාසයට එකතු වනු ඇත.
වාස් ගුණවර්ධනගේ සෘජු මෙහෙයවීම යටතේ පෑලියගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක්, එහි උප පොලිස් පරික්ෂකවරයෙක් මෙම ඝාතනය මෙහෙයවා තිබෙන බවට තොරතුරු මේ වනවිට රහස් පොලිසිය අතට පත්වී තිබේ. මොහොමඩ් සියාම් නැමැත්තා ඉකුත් මැයි 22 වැනිදා රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් පැහැර ගෙන ‍යනු ලැබ ඔහුට වෙඩි තබා මරා දමා ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ දී.
මෙම ඝාතනය සිදු කිරීම සඳහා මිනිමැරීමේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේ යැයි කියන වාස් ගුණවර්ධනට රුපියල් ලක්‍ෂ තිහක මුදලක් අදාළ පාර්ශවය විසින් ගෙවා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. එම මුදලින් රුපියල් ලක්‍ෂ හයක පමණ ප්‍රමාණයක් වාස් ගුණවර්ධන විසින් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට සහ උප පොලිස් පරික්ෂකවරයාට ලබා දී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රටේ ඉහළම රාජ්‍ය නිලධාරියෙක් මිනීමැරීමේ කොන්ත්‍රාත්තු භාර ගන්නා බව ඇසූ විට ඕනෑම පුද්ගලයකුගේ සිරුර කිලිපොලා යනු ඇත. එම රාජ්‍ය නිලධාරියා පොලිසියට සම්බන්ධ අයෙක් වීම ජනතා‍වගේ බිය දෙගුණ, තෙගුණ කිරීමට හේතුවකි. කිසිම බියක්, සැකයක් නැතිව නිරායුද, අහිංසක මිනිසෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා ඒ සඳහා මුදල් ලබා ගැනීම රටේ ජනතාවට මෙතුවක් කල් අසන්නට ලැබුණේ පාතාල ලෝකයෙනි. නැත්තම් වෙනත් නාඳුනන සන්නද්ධ කල්ලි සිදු කළ සාහසික ඝාතන හරහා ය. එහෙත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් නිල ඇඳුමේ රැඳී හිඳිමින් එහි බලය යොදා පොලිස් නිලධාරින් ලවා මිනිමරවා මුදල් හම්බකර ගෙන ඇතැයි අනාවරණය වී ඇත්නම් එය සුළුකොට තැකිය හැකිhise3චෝදනාවක් නොවේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ වාස් ගුණවර්ධන වුවත් ඔහුගෙන් තවත් ඝාතන ගැන ප්‍රශ්න කළහොත් වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පසුගිය කාලයේ දී සිදුකළ ඝාතන, ලබාගත් කප්පම් හා තවත් බිහිසුණු අපරාධ ගැන බොහෝ ‍‍තොරතුරු අනාවරණය කර ගන්නට හැකි වනු ඇතැයි විශ්වාසයයි.
එවැනි චෝදනා රටේ පොලිසියේ ඉහළම නිලධාරින්ට එරෙහිව පසුගිය කාලයේ එල්ල වුවත්, දේශපාලන හයියෙන් ඒ සියල්ල යටපත් කර දැමීමට හැකි විය . ඒ වගේම සාක්ෂි රැස්කර ගන්නට තිබූ අවස්ථා අහුරා දැම්මේය. සාක්ෂි දෙන්නට බලාපොරොත්තුවෙන් සිටි උදවිය බිය ගැන්වූහ.
මෙවැනි සිදුවීම් ගැන බොහෝ තොරතුරු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා නොදැන සිටින්නට හේතුවක් නැත. රටේ පසුගිය කාලයේ සිදු වූ බිහිසුණු අපරාධ, ඒවා සිදු කරන්නට උපදෙස් ලැබූ හැටි, ඒ කාගෙන්ද, ඉන් අනතුරුව එම නිලධාරින්ට ලැබුණ රාජ්‍ය වරප්‍රසාද වැනි ඉතා වැදගත් තොතුරු ගැන වාස් ගුණවර්ධනට හොඳ පොතක් වුවත් ලියන්නට හැකිය. එවැන්නක් සිදුවුවහොත් ඊට ජාත්‍යන්තර සම්මාන පවා හිමි වනු නිසැකය. එපමණක්ද නොව, hise4රටේ දේශපාලනය විසින් රාජ්‍ය නිලධාරින් අසික්කිත ‘රාජකාරිවලට’ යොදවන හැටි එමගින් විග්‍රහ කෙරෙනු ඇත. සමාජ ශෝධනයට යොදා ගත හැකි බලගතු මෙවලමක් බවට වාස් ගුණවර්ධන මේ මොහොතේ පත් වී සිටී.
මෙම උසස් පෙලිස් නිලධාරියා රහස් පොලිස් අත්අඩංගුවට ඊයේ (10) රාත්‍රියේ පත් වූයේ එක් ඝාතනයක් සඳහා පමණි. එම ඝාතනයට ඔහුගේ සෘජු සම්බන්ධයක් ඇත්නම් ඊට දේශපාලනඥයන්ගේ සම්බන්ධයක් හෝ ඝාතනය සඳහා දේශපාලන අවශ්‍යතාවක් තිබී නැත. ඒ හේතුව නිසාම වාස් බේරා ගන්නට මෙම අවස්ථාවේ කිසිම දේශපාලනඥයෙක් ඉදිරියට පැමිණි බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට මොහු තව තවත් සිර කළ හැකි ක්‍රම සොයයිද, නැත්නම් අන්තිමට සැකයක් නැතැයි කියා මොහු නිදොස් කොට අත්හරිද කියා කුතුහලයක් තිබේ. මන්ද වාස් ගුණවර්ධන හරහා පසුගිය කාලයේ ආණ්ඩුවේ අවශ්‍යතා රාශියක් සිදු වූ බව පෙනෙන්නට තිබෙන බැවින් ය. එම අවශ්‍යතා ඉෂ්ඨ කරන්නට ආණ්ඩුවට සිදුවූයේ රට පුරා නැගී ආ ජනතා විරෝධය හේතුවෙනි.
ගාල්ල ඩික්සන් පාරේ දී මහා දවල් කුමාර සෙනෙවිරත්න නැමැත්තෙක් ඝාතනය කළේ අත්පා වරින්වර වෙන් කරමින් මෙලේච්ඡ ආකාරයටයි. ඔහුගේ සොහොයුරා ගාල්ල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුෂාන්ත සෙනෙවිරත්න නැමැති අයට වෙඩි තබා මරා දැම්මේය. ඔහු‍ගේ වැඩිමහල් සොහොයුරා ද කපා කොටා මරා දැම්මේය.
මෙම බිහිසුණු අපරාධ හේතුවෙන් ගාල්ල වෙව්ලුම් කා තිබූ  සමයේ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගන්නට පොලිසියට හැකි වූයේ නැත. ඒ නිසා ගාල්ල නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පොලිස් මූලස්ථානය විසින් පත් කර එවන්නේ වාස් ගුණවර්ධනයි.
hise5
වාස් ගොස් කීප දිනකින් අත්පා ගැටගසා දෑස් බැඳ හිසට වෙඩි තබා මරා දැමූ තරුණයන් පස් දෙනෙකුගේ මළ සිරුරු හමු විය. මෙම තරුණයන් ඩික්සන් පාරේ කුමාර සෙනෙවිරත්න ඇතුළු ඔහුගේ සොහොයුරන්ගේ ඝාතනවලට කිසිම සම්බන්ධයක් නැතැයි පසුව පැවසුන අතර මිනීමරුවන් බිය ගැන්වීම සහ ගාල්ලේ භීෂණය අවසන් කිරීමේ අරමුණ ඇතිව තරුණයන් පස් දෙනා ඝාතනය වූ බව පසුව පැහැදිලි විය.
hise6සැබෑ ඝාතකයන් පසුව ඔවුන්ට එරෙහිව තිබූ වෙනත් නඩු සම්බන්ධ වරෙන්තුවලට වහා ඉදිරිපත් වී රිමාන්ඩ් බන්ධනාගාරගත වූයේ ඊළඟ ඉලක්කය තමන් බව නිවැරැදි ලෙස තේරුම්ගත් බැවින්ය.
එතැනින් ගාල්ලේ භීෂණය අවසන් විය. ඉන්පසු වාස් ගුණවර්ධන යොදවනු ලැබුවේ කහවත්තටය. එවකට කහවත්ත, කොටකෙතන ප්‍රදේශවල එක දිගට කාන්තාවන් පහළොවක් පමණ දූෂණය කර, කපා කොටා ඝාතනය කර සිරුර ගෙවල් තුළම දමා ගිනි තබා තිබිණ. පළාතේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු ගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ඇතුළු ඔහුගේ සොහොයුරන් විසින් එම ඝාතන සිදු කළ බවට කටකතා පැතිරුණ නමුත් විධිමත් පොලිස් පරික්ෂණ ඒ සඳහා සිදු කර නැත.
රත්නපුරයේ නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස වාස් ගුණවර්ධන පත් කර එවන්නේ එහි භීෂණය අවසන් කරන්නට ය. මෙම අපරාධ සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් කීප දෙනෙකුට ඇප ලැබෙන්නේ ඉන් පසුවය. ඇප මත නිදහස් වී පැමිණි කීප දෙනෙක් නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබූ අතර තවත් අයගේ සිරුරු අදටත් හමු වී නැත. රත්නපුර, කහවත්තේ භීෂණය අවසන් විය. අපරාධ වැළක මහා මොළකාරයා ලෙස රිමාන්ඩ් භාරයේ සිටි දේශපාලණඥයගේ සම්බන්ධිකරණ ලේකම්වරයාට නීතිපති උපදෙස් මත නිදහස ලැබුණි. ඔහු ජීවිතය බේරා ගන්නට හොර රහසේ සිංගප්පූරුවට පැන්න අතර වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පති තනතුරකට උසස් කර කොළඹට කැඳවන ලදී. කහවත්තේ භීෂණය ද අවසන් විය.
දේශපාලනයේ අවශ්‍යතා මත පොලිසිය විසින් නිර්මාණය කරන ලද ‘දඩයම්කරුවාගේ’ චරිතය රඟපාන්නට වාස් ගුණවර්ධනට සිදු වූවා මිස ඔහුට ආපසු හැරෙන්නට නොහැකි විය.

Sunday, December 30, 2012

ලිංගික අතවර


http://www.lankadeepa.lk/index.php/articles/89048

යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට වචනයෙන්, ක‍්‍රියාවෙන් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් කිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක සැකකරුවකු පොලිසියට වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකිය. පොලිසියට එවැනි පැමිණිල්ලක් සමථයකට පත් කළ නොහැකිය. එවැනි චෝදනාවකට ලක්වූවකු මහේස්ත‍්‍රාත්වරයෙක් ඉදිරියට පැමිණවීම අනිවාර්ය වෙයි.

මේ දණ්ඩ නීති සංග‍්‍රහයට 1995 දී එක්වූ අංක 22 දරන සංශෝධනයේ 345 වගන්තියයි.

යම් ආයතනයක ඉහළ නිලධාරියකු විසින් තමන් යටතේ සේවය කරන හෝ ක‍්‍රියාකරන අයකුට මේ හා සමාන හිංසන කිරීමද මෙකී නීතියට යටත් වන බවද එම සංශෝධනයේ සඳහන්වෙයි.

මෙවන් නීතියක් බලාත්මකව පවතින ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය ආයතනයක සතියකට ලිංගික හිංසන පිළිබඳව පැමිණිලි 8x10ක් තරම් ප‍්‍රමාණයක් සිදුවෙතැයි කීම කෙනකු විශ්වාස නොකරන තරමේ කථාවකි. එහෙත් එය සත්‍යයකි.

වෛද්‍යවරුන්, වරියන් 14,000ක්, හෙද හෙදියන් 24000ක් ඇතුළුව 109000ක සේවා බලඇණියක් සහිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් ඇතුළු අනුබද්ධ ආයතන මගින් මෙසේ පැමිණිලි ලැබෙන බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශමය.


තවත් වෘත්තීය සමිති ක‍්‍රියාකාරයෙකි. ඔහු රජයේ අනුග‍්‍රහය ලබන වෘත්තීය සමිතියක නායකයෙකි. වෘත්තිය සමිති කටයුතුවලට මුදා හැර සිටින්නෙකි. වෘත්තීය සමිති කටයුතුවලට ඔහු රෝහලට එන්නේ රාත‍්‍රී 10 න් පසුවය. වෘත්තිය සමිති කටයුතුවලට බව කියමින් රෝහල් සේවිකාවන් ඔහුගේ කාර්යාලයට ගෙන්වා ගන්නා මේ අනංගයා ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගනී. ඔහුගේ බිරිඳ ද එම රෝහලේම සේවිකාවකි. සැමියාගේ සල්ලාල වැඩවලට විරුද්ධවීම නිසා දෙදෙනා අතර ඇතිවූ ගැටුම අවසන් වුණේ බිරිඳ කොළඹ තවත් රෝහලකට මාරුකර යැවීමෙනි. සැමියා තවමත් පුරුදු රංගනයේමය.


කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා වූ විවිධ තරාතිරම්වල පිරිස් සේවය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනි පැමිණිලි වැඩිපුරම ලැබෙන්නේ කනිෂ්ඨ සේවක මණ්ඩල අතරින් බවත් ඒ අතර ඕවර්සියර්වරුන් ගෙන් සිදුවන අඩන්තේට්ටම් පිළිබඳ පැමිණිලි වැඩි බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඕවර්සියර්වරයා කැමති ඇහැට කණට පෙනෙන කම්කරු සේවිකාවක පැමිණිය හොත් බොහෝ විට සිදුවන්නේ ඇයට බර වැඩ දීමය. නොඑසේ නම් බාහිර රෝගීන් වැඩිපුර ගැවසෙන ප‍්‍රදේශවල අතුගෑම වැනි පිරිසිදු කිරීම් කටයුත්තක යෙදවීමය. තරුණියක නම් ඇය එහි සේවයට තරමක් මැලි වන්නීය. ඇය කාටවත් නොපෙනෙන තැනක රාජකාරියක් ඉල්ලයි. ඕවර්සියර්වරයා ඒ සඳහා ලිංගික අල්ලස් ඉල්ලයි. ඊට අකමැති වන්නෝ බරපතළ රාජකාරිවල යෙදෙන්නට සූදානම් විය යුතුය.
එක්තරා ප‍්‍රධාන රෝහලක ඕවර්සියර් කෙනකුගේ කැමැත්තට අලූත් කම්කරු සේවිකා තරුණියක් කැමති වුණේ නැත. අවසානයේ ඔහු ඇයට විවිධ රාජකාරි පැවැරුවේය. පළමුව බාහිර රෝගී අංශ පිරිසුදු කිරීම වැනි වැඩ. එහෙත් ඇය ඒ සියල්ල නොපිරිහෙලා ඉටුකළාය. ඇයට රිද්දන්නට අවස්ථාවක් බලා සිටි ඕවර්සියර්වරයාට අපූරු අවස්ථාවක් ලැබිණි. ඒ මෘත ශරීරාගාරයට කම්කරුවකු ඉල්ලා තිබීමයි.
ඔහු කළේ මෙම සේවිකාව යැවීමය. ඒ රාජකාරියටද ඇය වාර්තා කළාය. එහි සේවයට වාර්තා කොට දින කිහිපයකින් මැදියම් රැුයේ මෘත ශාරීරයක් එසවීමට මෘත ශරීරාගාර සේවකයෝ ඇයට අඬ ගැසුවේය. මෘත ශරීරය ඔසවන්නට හිත දැඩි කරගත් නමුත් එයට අත ගැසූ මොහොතේ ඇය සිහිසුන් වූවාය. ඇයට යළි පියවි සිහිය ලැබෙද්දී ඇය දුෂණයට ලක්ව සිටි බවත්, එම අවස්ථාව වන විට ඇඳ සිටි ඇඳුම් පවා සිරුරේ නොතිබූ බවත් මෙම තරුණිය කළ පැමිණිල්ලේ සඳහන්වේ.

වෛද්‍ය සැපයුම් අංශයට අනුයුක්තව සේවය කරන වෘත්තිය සමිති ක‍්‍රියාකාරයෙක් එහි සේවය කරන කම්කරු කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කරනු ලැබූ සිද්ධියක් මෑතකදී වාර්තා විය. මෙකී තරුණ කම්කරු කාන්තාවන් කෙළින්ම පැමිණිලි කොට තිබුණේ ඇමැතිවරයාටය.

සහෝදර සේවකාවන්ට පමණක් නොවේ, රෝගී කාන්තාවන්ට පවා අතවර කරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීහු සිටිති.
උතුරු මැද එක්තරා මහ රෝහලක හෙද නිලධාරීහු දෙදෙනෙක් වරක් රෝගී කාන්තාවකට අතවර කළහ. සිද්ධිය පිළිබඳ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්නට එම රෝගී කාන්තාවගේ පාර්ශවය කටයුතු කළහ. ඒ අනුව අදාළ නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවනු ලැබිණි. එහෙත් ඔවුන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් එම රෝහලේ හෙදxහෙදියෝ වර්ජනයකට එළැඹුණහ.
රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හේතුවෙන් යළි ඔවුන් දෙදෙනා සේවයේ පිහිටුවීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. මෙවැනි සිදුවීම්ද මේ අතර වෙයි. වෘත්තීය සමිතිවලට නායකත්වය දෙන සමහරු පවා මේ අවස්ථාවේ මෙම චූදිතයන් දෙදෙනා සේවයේ පිහිටුවන ලෙස බලකිරීම කනගාටුවට කරුණකි.



නිරන්තර ලැබෙන පැමිණිලි අතර ලිංගික අතවර, හිංසා, අඩන්තේට්ටම් වන අතර අමුතු අන්දමේ පැමිණිලි තිබේ. ප‍්‍රධානතම රෝහලක අපූරු වෛද්‍යවරයෙක් සිටී. ඔහු නාරි හා ප‍්‍රසවවේද විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු දෛනිකව රෝගීන් පරික්ෂාවට වාට්ටුවට එන්නේ රාත‍්‍රි 12 ටය. මෙය රෝගීන්ට පමණක් නොව වාට්ටුවේ සේවය කරන අනෙක් කාර්ය මණ්ඩලවලටද හිරිහැරයකි. එහෙත් ඔහුගේ අදත් පුරුද්ද එයමය. විවිධ රෝගාබාධ වලින් පෙළෙන ගැබිණි මව්වරුන් මේ වාට්ටුවට එවනු ලැබ ඇත. මේ ගැබිනි මව්වරුන් වෙත කළ යුතු විශේෂ පරීක්ෂණ මෙම වෛද්‍යවරයා අදත් කරනු ලබන්නේ මැදියම් රැුයේදීය. මෙයට විරුද්ධ වූ හෙද නිලධාරිනියන් කිහිප දෙනකුම එම වාට්ටුවෙන් මාරුවී ගොස් සිටී.

තවත් වෘත්තීය සමිති ක‍්‍රියාකාරයෙකි. ඔහු රජයේ අනුග‍්‍රහය ලබන වෘත්තීය සමිතියක නායකයෙකි. ඔහු වෘත්තිය සමිති කටයුතුවලට මුදා හැර සිටින්නෙකි. වෘත්තීය සමිති කටයුතුවලට ඔහු රෝහලට එන්නේ රාත‍්‍රී 10 න් පසුවය. වෘත්තිය සමිති කටයුතුවලට බව කියමින් රෝහල් සේවිකාවෝ ඔහුගේ කාර්යාලයට ගෙන්වා ගන්නා මේ අනංගයා ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගනී. ඔහුගේ බිරිඳ ද එම රෝහලේම සේවිකාවකි. සැමියාගේ සල්ලාල වැඩවලට විරුද්ධවීම නිසා දෙදෙනා අතර ඇතිවූ ගැටුම අවසන් වුණේ බිරිඳ කොළඹ තවත් රෝහලකට මාරුකර යැවීමෙනි. සැමියා තවමත් පුරුදු රංගනයේමය.

ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් බොහොමයක හදා ඉවර කරන්නට බැරි විදුලි බුබුළු තිබේ. එවැනි තැන් අඳුරේ තබා ගැනීම සඳහා අලූත්වැඩියා කරන සෑම අවස්ථාවකම විදුලි බුබුළු බිඳින්නට කටයුතු කෙරේ.

කැලෑ පත්තර ගැසීමටද අංක එක ගන්නේ සෞඛ්‍ය සේවයයි. නම්මා ගත නොහැකි සේවිකාවන් වෙනුවෙන් කැලෑ පත්තර ගැසීම සිය රාජකාරියට වඩා උනන්දුවෙන් කරන කංකානිවරු සිටිති.

සුළු සේවක මණ්ඩල අතර පමණක් නොවේ, ඉහළ මට්ටමේ ද මේ ප‍්‍රශ්න අඩු වැඩි ලෙස තිබේ. එක්තරා සහකාර අධ්‍යක්ෂවරයෙක් හැට පැන සිටියත් තම අංශයේම විශේෂඥ වෛද්‍යවරියකට සිය පේ‍්‍රමය දන්වා කෙටි පණිවුඩ යැව්වේය. මේ කෙටි පණිවුඩ වෛද්‍යවරියගේ සැමියා දුටුවේය. ඒ ගෙදර ඇතිවූ ආරවුල අදාළ ආයතනය දක්වාම ආපසු පැමිණියේය.පිටරට සංචාරවලට යනවිට තම අංශයේ මෙන් කැමති නිලධාරිනියද තෝරාගෙන යන අධ්‍යක්ෂවරු සිටිති. වැඩමුළු සම්මන්ත‍්‍රණ ආවරණය කරන්නට යන ඔවුන් වෙනුවෙන් වැය වන මුදල පියැවෙන්නේ මේ රටේ පොදු මහජනතාවගේ මුදලිනි.

ලිංගික අල්ලස් ගැනීම් පිළිබඳව හිටපු ඇමැතිවරුන්ට පවා එරෙහිව චෝදනා තිබිණි. පහළ මට්ටමට මේ තත්ත්වය වැඩිදියුණු වන්නට එයද එක් හේතුවක් විය. දිගින් දිගටම මෙවැනි සිද්ධි වාර්තා වීම හේතුවෙන් මේවා පිළිබඳ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කරන්නට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එහෙත් ඉකුත් බදාදා වන තුරුත් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කිසිදු පැමිණිල්ලක් නොලද බව එහි ප‍්‍රකාශකයෙක් කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිගින් දිගටම සිදුවන මේ හානිය වළක්වන්නට නම් ඉහළ සිට පහළටම වරද දුටු තැන දඬුවම් දිය යුතු බව අමාත්‍යාංශයට සම්බන්ධ බොහෝ දෙනාගේ අදහසයි. සමහරුන්ට දඬුවම් දීමටත්, සමහරු ලිස්සා යාමටත් ඉඩ තැබීම ප‍්‍රශ්න වැඩි දියුණුවීමට හේතුවන බව ඔවුන්ගේ හැඟීමයි.







සැබැවින්ම පොලිසිය අවශ්‍ය නැත. අමාත්‍යාංශයටම එහි විමර්ශන ඒකකය හරහා අදාළ පැමිණිල්ල විභාග කොට වැරදිකරුට දඬුවම් දීමට හැකි තත්ත්වයක් තිබේ. එය සිදුවන්නේ නම් මෙවන් පැමිණිලි බොහොමයක් අඩුවනු ඇත

Thursday, December 27, 2012

නිදාගන්නා කාන්තාවන්ගේ ඇඳුම් උස්සා පලා යන්නා

නිදාගන්නා කාන්තාවන්ගේ ඇඳුම් උස්සා පලා යන වැලිගොඩ දමන්නකු (24) පානදුර මොදරවිල නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි.

මෙවැනි ස්ද්ධි 10කට පමණ ඔහු සම්බන්ධ බව පොලීසිය කියයි.

මහ රෑ හොරෙන් ගෙට ඇතුළු වී ඒ කාරිය පමණක් කරන ඔහු කිසිම දෙයක් සොරා නොගන්නා බව පෙනේයැයි ද පොලීසිය කියයි.

http://www.lankadeepa.lk/index.php/articles/88446

Wednesday, December 26, 2012

බිරිඳ හා දෙදරුවන් මැරූ සාහසික සැකකරුට බන්ධනාගාරයේදී පහර දී “අසූචි” කවයි

http://www.lakbima.lk


 


Meader-4රත්මලාන ගොලුමඩම පිහිටි සුඛෝපභෝගී නිවසකදී සිය තරුණ බිරිද හා දරු දෙදෙනා අමානුෂිකව ඝාතනය කළ සාහසික සැකකරුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර රැදවියන් විසින් දැඩි ලෙස පහර දී අසූචි කවා ඇතැයි වාර්තා වේ. තමන්ට පහර නොදෙන ලෙසට වැඳ වැටෙමින් රැදවියන් ඉදිරියේ සැකකරු පවසා ඇති අතර "මේ වගේ අපරාද කරන්නන් නීතියෙන් ගැලවූනද රිමාන්ඩ් ගෙදර රැදවියන්ගෙන් ගැලවීමක් නැති බවය”. දැඩි ප්‍රහාරයට ලක්වූ සැකකරුට ඇවිදිය නොහැකි අතර ඔහුගේ එක් හනුවක් පුපුරාගොස් ඇති බව සැලයි.
මේ අතර බන්ධනාගාර නිළධාරීන් විසින් සැකකරු වෙනත් ආරක්ෂිත යැයි කියන සිර මැදිරියකට දමා ඇත. කෙසේ වෙතත් එම මැදිරිය දරුණු බෝවන රෝග තිබෙන සිර කරුවන් රදවා තිබෙන එකක් බව වාර්තා වේ. සිය බිරිද හා දරු දෙදෙනා මරා දමා ඔවුන් නිදා සිටි ඇද මෙට්ටයට ගිනි තබා අමානුෂික අපරාධය සිදු කරමින් සිය අනියම් පෙම්වතිය විවාහ කර ගැනීමේ අරමුණින් හේ කටයුතු කර තිබේ.
ප්‍රදාන පෙළේ පුද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න වැටුප් ලද සැකකරු අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කොට තිබෙන අතර මේ වනවිට බන්ධනාගාර ගතව අසූචි ප්‍රහාරයන්ට ලක්වීමට සිදුව තිබේ.