Thursday, June 13, 2013

වාස් ගුණවර්ධන සහ දඩයම්කරුවා

On-line-Anura-horesas
කෝටිපති ව්‍යාපාරිකයකු වූ ‍මොහොමඩ් සියාම් නැමැත්තාගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිසිය බස්නාහිර උතුර භාර නියෝ‍ජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැමැත්තා ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය. මෑත කාලයේ රටේ ඉහළම රාජ්‍ය hise2නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවක් වශයෙන් මෙම සිද්ධිය පෙලිස් අපරාධ විමර්ශන ඉතිහාසයට එකතු වනු ඇත.
වාස් ගුණවර්ධනගේ සෘජු මෙහෙයවීම යටතේ පෑලියගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක්, එහි උප පොලිස් පරික්ෂකවරයෙක් මෙම ඝාතනය මෙහෙයවා තිබෙන බවට තොරතුරු මේ වනවිට රහස් පොලිසිය අතට පත්වී තිබේ. මොහොමඩ් සියාම් නැමැත්තා ඉකුත් මැයි 22 වැනිදා රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් පැහැර ගෙන ‍යනු ලැබ ඔහුට වෙඩි තබා මරා දමා ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ දී.
මෙම ඝාතනය සිදු කිරීම සඳහා මිනිමැරීමේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේ යැයි කියන වාස් ගුණවර්ධනට රුපියල් ලක්‍ෂ තිහක මුදලක් අදාළ පාර්ශවය විසින් ගෙවා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. එම මුදලින් රුපියල් ලක්‍ෂ හයක පමණ ප්‍රමාණයක් වාස් ගුණවර්ධන විසින් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට සහ උප පොලිස් පරික්ෂකවරයාට ලබා දී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රටේ ඉහළම රාජ්‍ය නිලධාරියෙක් මිනීමැරීමේ කොන්ත්‍රාත්තු භාර ගන්නා බව ඇසූ විට ඕනෑම පුද්ගලයකුගේ සිරුර කිලිපොලා යනු ඇත. එම රාජ්‍ය නිලධාරියා පොලිසියට සම්බන්ධ අයෙක් වීම ජනතා‍වගේ බිය දෙගුණ, තෙගුණ කිරීමට හේතුවකි. කිසිම බියක්, සැකයක් නැතිව නිරායුද, අහිංසක මිනිසෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා ඒ සඳහා මුදල් ලබා ගැනීම රටේ ජනතාවට මෙතුවක් කල් අසන්නට ලැබුණේ පාතාල ලෝකයෙනි. නැත්තම් වෙනත් නාඳුනන සන්නද්ධ කල්ලි සිදු කළ සාහසික ඝාතන හරහා ය. එහෙත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් නිල ඇඳුමේ රැඳී හිඳිමින් එහි බලය යොදා පොලිස් නිලධාරින් ලවා මිනිමරවා මුදල් හම්බකර ගෙන ඇතැයි අනාවරණය වී ඇත්නම් එය සුළුකොට තැකිය හැකිhise3චෝදනාවක් නොවේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ වාස් ගුණවර්ධන වුවත් ඔහුගෙන් තවත් ඝාතන ගැන ප්‍රශ්න කළහොත් වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පසුගිය කාලයේ දී සිදුකළ ඝාතන, ලබාගත් කප්පම් හා තවත් බිහිසුණු අපරාධ ගැන බොහෝ ‍‍තොරතුරු අනාවරණය කර ගන්නට හැකි වනු ඇතැයි විශ්වාසයයි.
එවැනි චෝදනා රටේ පොලිසියේ ඉහළම නිලධාරින්ට එරෙහිව පසුගිය කාලයේ එල්ල වුවත්, දේශපාලන හයියෙන් ඒ සියල්ල යටපත් කර දැමීමට හැකි විය . ඒ වගේම සාක්ෂි රැස්කර ගන්නට තිබූ අවස්ථා අහුරා දැම්මේය. සාක්ෂි දෙන්නට බලාපොරොත්තුවෙන් සිටි උදවිය බිය ගැන්වූහ.
මෙවැනි සිදුවීම් ගැන බොහෝ තොරතුරු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා නොදැන සිටින්නට හේතුවක් නැත. රටේ පසුගිය කාලයේ සිදු වූ බිහිසුණු අපරාධ, ඒවා සිදු කරන්නට උපදෙස් ලැබූ හැටි, ඒ කාගෙන්ද, ඉන් අනතුරුව එම නිලධාරින්ට ලැබුණ රාජ්‍ය වරප්‍රසාද වැනි ඉතා වැදගත් තොතුරු ගැන වාස් ගුණවර්ධනට හොඳ පොතක් වුවත් ලියන්නට හැකිය. එවැන්නක් සිදුවුවහොත් ඊට ජාත්‍යන්තර සම්මාන පවා හිමි වනු නිසැකය. එපමණක්ද නොව, hise4රටේ දේශපාලනය විසින් රාජ්‍ය නිලධාරින් අසික්කිත ‘රාජකාරිවලට’ යොදවන හැටි එමගින් විග්‍රහ කෙරෙනු ඇත. සමාජ ශෝධනයට යොදා ගත හැකි බලගතු මෙවලමක් බවට වාස් ගුණවර්ධන මේ මොහොතේ පත් වී සිටී.
මෙම උසස් පෙලිස් නිලධාරියා රහස් පොලිස් අත්අඩංගුවට ඊයේ (10) රාත්‍රියේ පත් වූයේ එක් ඝාතනයක් සඳහා පමණි. එම ඝාතනයට ඔහුගේ සෘජු සම්බන්ධයක් ඇත්නම් ඊට දේශපාලනඥයන්ගේ සම්බන්ධයක් හෝ ඝාතනය සඳහා දේශපාලන අවශ්‍යතාවක් තිබී නැත. ඒ හේතුව නිසාම වාස් බේරා ගන්නට මෙම අවස්ථාවේ කිසිම දේශපාලනඥයෙක් ඉදිරියට පැමිණි බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට මොහු තව තවත් සිර කළ හැකි ක්‍රම සොයයිද, නැත්නම් අන්තිමට සැකයක් නැතැයි කියා මොහු නිදොස් කොට අත්හරිද කියා කුතුහලයක් තිබේ. මන්ද වාස් ගුණවර්ධන හරහා පසුගිය කාලයේ ආණ්ඩුවේ අවශ්‍යතා රාශියක් සිදු වූ බව පෙනෙන්නට තිබෙන බැවින් ය. එම අවශ්‍යතා ඉෂ්ඨ කරන්නට ආණ්ඩුවට සිදුවූයේ රට පුරා නැගී ආ ජනතා විරෝධය හේතුවෙනි.
ගාල්ල ඩික්සන් පාරේ දී මහා දවල් කුමාර සෙනෙවිරත්න නැමැත්තෙක් ඝාතනය කළේ අත්පා වරින්වර වෙන් කරමින් මෙලේච්ඡ ආකාරයටයි. ඔහුගේ සොහොයුරා ගාල්ල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුෂාන්ත සෙනෙවිරත්න නැමැති අයට වෙඩි තබා මරා දැම්මේය. ඔහු‍ගේ වැඩිමහල් සොහොයුරා ද කපා කොටා මරා දැම්මේය.
මෙම බිහිසුණු අපරාධ හේතුවෙන් ගාල්ල වෙව්ලුම් කා තිබූ  සමයේ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගන්නට පොලිසියට හැකි වූයේ නැත. ඒ නිසා ගාල්ල නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පොලිස් මූලස්ථානය විසින් පත් කර එවන්නේ වාස් ගුණවර්ධනයි.
hise5
වාස් ගොස් කීප දිනකින් අත්පා ගැටගසා දෑස් බැඳ හිසට වෙඩි තබා මරා දැමූ තරුණයන් පස් දෙනෙකුගේ මළ සිරුරු හමු විය. මෙම තරුණයන් ඩික්සන් පාරේ කුමාර සෙනෙවිරත්න ඇතුළු ඔහුගේ සොහොයුරන්ගේ ඝාතනවලට කිසිම සම්බන්ධයක් නැතැයි පසුව පැවසුන අතර මිනීමරුවන් බිය ගැන්වීම සහ ගාල්ලේ භීෂණය අවසන් කිරීමේ අරමුණ ඇතිව තරුණයන් පස් දෙනා ඝාතනය වූ බව පසුව පැහැදිලි විය.
hise6සැබෑ ඝාතකයන් පසුව ඔවුන්ට එරෙහිව තිබූ වෙනත් නඩු සම්බන්ධ වරෙන්තුවලට වහා ඉදිරිපත් වී රිමාන්ඩ් බන්ධනාගාරගත වූයේ ඊළඟ ඉලක්කය තමන් බව නිවැරැදි ලෙස තේරුම්ගත් බැවින්ය.
එතැනින් ගාල්ලේ භීෂණය අවසන් විය. ඉන්පසු වාස් ගුණවර්ධන යොදවනු ලැබුවේ කහවත්තටය. එවකට කහවත්ත, කොටකෙතන ප්‍රදේශවල එක දිගට කාන්තාවන් පහළොවක් පමණ දූෂණය කර, කපා කොටා ඝාතනය කර සිරුර ගෙවල් තුළම දමා ගිනි තබා තිබිණ. පළාතේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු ගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ඇතුළු ඔහුගේ සොහොයුරන් විසින් එම ඝාතන සිදු කළ බවට කටකතා පැතිරුණ නමුත් විධිමත් පොලිස් පරික්ෂණ ඒ සඳහා සිදු කර නැත.
රත්නපුරයේ නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස වාස් ගුණවර්ධන පත් කර එවන්නේ එහි භීෂණය අවසන් කරන්නට ය. මෙම අපරාධ සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් කීප දෙනෙකුට ඇප ලැබෙන්නේ ඉන් පසුවය. ඇප මත නිදහස් වී පැමිණි කීප දෙනෙක් නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබූ අතර තවත් අයගේ සිරුරු අදටත් හමු වී නැත. රත්නපුර, කහවත්තේ භීෂණය අවසන් විය. අපරාධ වැළක මහා මොළකාරයා ලෙස රිමාන්ඩ් භාරයේ සිටි දේශපාලණඥයගේ සම්බන්ධිකරණ ලේකම්වරයාට නීතිපති උපදෙස් මත නිදහස ලැබුණි. ඔහු ජීවිතය බේරා ගන්නට හොර රහසේ සිංගප්පූරුවට පැන්න අතර වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පති තනතුරකට උසස් කර කොළඹට කැඳවන ලදී. කහවත්තේ භීෂණය ද අවසන් විය.
දේශපාලනයේ අවශ්‍යතා මත පොලිසිය විසින් නිර්මාණය කරන ලද ‘දඩයම්කරුවාගේ’ චරිතය රඟපාන්නට වාස් ගුණවර්ධනට සිදු වූවා මිස ඔහුට ආපසු හැරෙන්නට නොහැකි විය.

No comments:

Post a Comment