Thursday, October 20, 2011

දෙවියන්ටත් කීමට නොහැකි ස්ත්‍රින් ගැන.



ශාස්තර බැලිම කේන්දර බැලිම වැනි ගුප්ත විදයා ක්‍රම අපි භාවිතා කරනවානේ.ශාස්තර ක්‍රම හරහා බැලිය නොහැකි කරුනු  පිලිබදව වේද ග්‍රන්තවල සදහන් වෙන්නේ මෙසේයි.

අශ්වප්ලුතන් වාක්ශන ගර්ජිතන්
ස්වේවශීනන්වාදයවර්ශනන් වා
ස්ත්‍රිනාන්ච  චිත්තන් පුරුශය භාගයන්
දේවෝ නජානති කු‍තෝ මනුස්ශයන්

දිනන අශ්වයා තේරිමද,අහස කොයි මොහොතක ගොරවයිද,අකුනක් වදින්නේ කුමන තැනකටද,අද වසීද නැද්ද යන කරුනද, ස්ත්‍රියකගේ සිතේ ස්භාවය පිලිබදවද,පුරුශයකුට භාගයය මේ ලෙස උදාවේයයිද? යන කරුනු හය ස්තීරකොට කීමට දෙවියන්ටත් නොහැක්කේය.
ඉතින් බොලන්ලා අපි කුමක් පවසමුද මේම ස්ත්‍රින් ගැන.

Thursday, October 13, 2011

යුද්ධය


                                     
හැමෝටම දැන ගන්න පොඩි කතාවක් ලියන්නම්.  සන්වේදි හදවත් වලට දැනේවී.

ඔන්න  යුද්දයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම  දුරකතන ඇමතුමක් දුන්නා

"තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ"

කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා

ප්‍රශ්නයක් තියනවා තාත්තේ මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා
කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.

තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිඋන කෙනෙක් පුතා හැගීම්බර විදිහට කීවා

අනේ මගේ පුතේ අත් පය නැතිකෙනෙක් ගෙදරට එක්කරගෙන ආවහම මොනතරම් කරදරයක්ද? අපේත් නිදහස සීමා වෙනවානේ. එයා වෙනුවෙන් වෙනම කෙනෙක් යොදවන්නත්න් ඕනනේ. තාත්තා දැඩි විදිහට ප්‍රතික්ශෙප කලා.
පුතා මොනතරම් කීවත් තාත්තාගේ ස්තාවරය වෙනස් වුනෙ නැ.දුරකතනය විසන්දිකල පුතා ඇමතුම හමාරකලා.
මීලග සතියේදී කිව විදිහට පුතා එයි කියලා බලාගෙන හිටියත් පුතා ආවේ නැ
එම පලාතේ පොලිසියෙන් හදිසියේම ඔවුන්ගේ ගෙදරට ආවා
ඔබලාගේ පුතා උස ගොඩනැගිල්ලකින් වැටිලා මරුමුවට පත්වෙලා තියනවා.අප සිතන්නේ මෙය සිය දිවිනසා ගැනීමක් කියලායි පොලිස් ප්‍රදානියා පැවසුවා
ඉක්මනින් තාත්තා ඔවුන් සමග ගියා මියගොස් සිටි තම පුතා දැක්ක තාත්තාට සිහි නැතුව ගියා .
යුද්දයේදී ඔහුගේ එක් අතක් සහ කකුලක් ඔහුට අහිමීවි තිබුනා.
යහලුවා වෙනුවෙන් ලෙස ඔහු ඉල්ලා ඇත්තේ තමාගේ ජීවිතය බව තාත්තට වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි
මොහොතක් සිතන්න...............................

Tuesday, May 31, 2011

පරාගනය වුවත් ඈය

සුපිපි මල්
සිඹිති බමරුන්
පරාගනයවේ
බොහොමයක් මල්....
අනේ බමරින්දුනේ
පරාගනය වුවත් ඈය
හටනොගන්නේ ඈයිද
තිරසාර ඵල...???

අන්සතු මල

හිමි නෑ නුබ මට
හරියට අර ඈත තියන සද වාගේ
මමයි මී මෑස්සා මලේ රොන් සොයන
නුබය කිසිදා රොන් නොදෙන
අන්සතු මල

Wednesday, March 30, 2011

නෑව් ගිය පාර

අරුමයක් නෑත හෝ හෝ ගා
මුහුද මෑදින් නෑව් යතේ
කරෑමයක ඈත
මම ගිය පාර පමනක් ඉතිරිව ඈතේ.

Friday, March 25, 2011

බොමුද තව එක සිගරට්ටුවක්?







  සෑම අවුරුද්දක් පුරාම දුම් පානය කරන පුද්ගලයන් නිසා අක්‍රිය දුම් පානයෙන් පුද්ගල මරන 53000 පමන සිදුවේ. දුම් වෑටියක් දෑවෙනවා ජීවිතයක් නෑසෙනවා නෑද්දතාම තේරුනේ

Wednesday, March 23, 2011

කොල්ලා හා බල්ලා

දකින දකින පදුරට
චූ කරන
කොල්ලායි බල්ලායි
එක වාගේමලු
එතකොට
කෙල්ල???






ලියමු බලන්න අදහස.

Monday, March 21, 2011

එජාප නායකත්ව අර්බුදය විසඳා ගැනීමට ඡන්දයක්‌ - රනිල් තීරණය කරයි (පුවතක්)

එකා අදිපතියාලු
කවුද බොල
මමද?....
වෙන්න බෑ...
ඈයි යකෝ මේ තියන්නේ
ප්‍රජාතන්තරවාදේ
ගොනි ගනන් පුරවලා
සිරිකොතේ
වරෙව් ගනිව්
ගොඩම රුපියලයි.

ලිබියාව හා අපි

එයි ගඩාපි ඈතෑරපන් බන් ඔය කෙහෙල්මල් ලිබියාව

බලාපන්කෝ මෙහේ ආස්චර්ය බොලන්

බඩ පිටට ඈලිලා එත් ජෙප්පෝ කියන්නේ

දෙනවාලු සහයෝගය විප්ලවයට  බොක්කෙන්ම.. හුහ්...

සිහින

ඈත්තටම අපි ජීවිතකාලයේ හුගාක්ම දකිනදේ තමයි හීන. ඉතින් මම හිතුවා මගේ සිහින බ්ලොග් අවකාශයේ විසුරවන්න.අන්තර්ජාලයේ පාවෙලා ගිහින් බොහොම අයගේ හීන වාගේ මගේ හීනයත් සිහිනයක්ම වේවී.
ඉතින් එන්න මගේ සිහිනයේ සෑරිසරන්න...!!!