Sunday, December 30, 2012

ලිංගික අතවර


http://www.lankadeepa.lk/index.php/articles/89048

යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට වචනයෙන්, ක‍්‍රියාවෙන් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් කිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක සැකකරුවකු පොලිසියට වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකිය. පොලිසියට එවැනි පැමිණිල්ලක් සමථයකට පත් කළ නොහැකිය. එවැනි චෝදනාවකට ලක්වූවකු මහේස්ත‍්‍රාත්වරයෙක් ඉදිරියට පැමිණවීම අනිවාර්ය වෙයි.

මේ දණ්ඩ නීති සංග‍්‍රහයට 1995 දී එක්වූ අංක 22 දරන සංශෝධනයේ 345 වගන්තියයි.

යම් ආයතනයක ඉහළ නිලධාරියකු විසින් තමන් යටතේ සේවය කරන හෝ ක‍්‍රියාකරන අයකුට මේ හා සමාන හිංසන කිරීමද මෙකී නීතියට යටත් වන බවද එම සංශෝධනයේ සඳහන්වෙයි.

මෙවන් නීතියක් බලාත්මකව පවතින ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය ආයතනයක සතියකට ලිංගික හිංසන පිළිබඳව පැමිණිලි 8x10ක් තරම් ප‍්‍රමාණයක් සිදුවෙතැයි කීම කෙනකු විශ්වාස නොකරන තරමේ කථාවකි. එහෙත් එය සත්‍යයකි.

වෛද්‍යවරුන්, වරියන් 14,000ක්, හෙද හෙදියන් 24000ක් ඇතුළුව 109000ක සේවා බලඇණියක් සහිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් ඇතුළු අනුබද්ධ ආයතන මගින් මෙසේ පැමිණිලි ලැබෙන බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශමය.


තවත් වෘත්තීය සමිති ක‍්‍රියාකාරයෙකි. ඔහු රජයේ අනුග‍්‍රහය ලබන වෘත්තීය සමිතියක නායකයෙකි. වෘත්තිය සමිති කටයුතුවලට මුදා හැර සිටින්නෙකි. වෘත්තීය සමිති කටයුතුවලට ඔහු රෝහලට එන්නේ රාත‍්‍රී 10 න් පසුවය. වෘත්තිය සමිති කටයුතුවලට බව කියමින් රෝහල් සේවිකාවන් ඔහුගේ කාර්යාලයට ගෙන්වා ගන්නා මේ අනංගයා ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගනී. ඔහුගේ බිරිඳ ද එම රෝහලේම සේවිකාවකි. සැමියාගේ සල්ලාල වැඩවලට විරුද්ධවීම නිසා දෙදෙනා අතර ඇතිවූ ගැටුම අවසන් වුණේ බිරිඳ කොළඹ තවත් රෝහලකට මාරුකර යැවීමෙනි. සැමියා තවමත් පුරුදු රංගනයේමය.


කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා වූ විවිධ තරාතිරම්වල පිරිස් සේවය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනි පැමිණිලි වැඩිපුරම ලැබෙන්නේ කනිෂ්ඨ සේවක මණ්ඩල අතරින් බවත් ඒ අතර ඕවර්සියර්වරුන් ගෙන් සිදුවන අඩන්තේට්ටම් පිළිබඳ පැමිණිලි වැඩි බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඕවර්සියර්වරයා කැමති ඇහැට කණට පෙනෙන කම්කරු සේවිකාවක පැමිණිය හොත් බොහෝ විට සිදුවන්නේ ඇයට බර වැඩ දීමය. නොඑසේ නම් බාහිර රෝගීන් වැඩිපුර ගැවසෙන ප‍්‍රදේශවල අතුගෑම වැනි පිරිසිදු කිරීම් කටයුත්තක යෙදවීමය. තරුණියක නම් ඇය එහි සේවයට තරමක් මැලි වන්නීය. ඇය කාටවත් නොපෙනෙන තැනක රාජකාරියක් ඉල්ලයි. ඕවර්සියර්වරයා ඒ සඳහා ලිංගික අල්ලස් ඉල්ලයි. ඊට අකමැති වන්නෝ බරපතළ රාජකාරිවල යෙදෙන්නට සූදානම් විය යුතුය.
එක්තරා ප‍්‍රධාන රෝහලක ඕවර්සියර් කෙනකුගේ කැමැත්තට අලූත් කම්කරු සේවිකා තරුණියක් කැමති වුණේ නැත. අවසානයේ ඔහු ඇයට විවිධ රාජකාරි පැවැරුවේය. පළමුව බාහිර රෝගී අංශ පිරිසුදු කිරීම වැනි වැඩ. එහෙත් ඇය ඒ සියල්ල නොපිරිහෙලා ඉටුකළාය. ඇයට රිද්දන්නට අවස්ථාවක් බලා සිටි ඕවර්සියර්වරයාට අපූරු අවස්ථාවක් ලැබිණි. ඒ මෘත ශරීරාගාරයට කම්කරුවකු ඉල්ලා තිබීමයි.
ඔහු කළේ මෙම සේවිකාව යැවීමය. ඒ රාජකාරියටද ඇය වාර්තා කළාය. එහි සේවයට වාර්තා කොට දින කිහිපයකින් මැදියම් රැුයේ මෘත ශාරීරයක් එසවීමට මෘත ශරීරාගාර සේවකයෝ ඇයට අඬ ගැසුවේය. මෘත ශරීරය ඔසවන්නට හිත දැඩි කරගත් නමුත් එයට අත ගැසූ මොහොතේ ඇය සිහිසුන් වූවාය. ඇයට යළි පියවි සිහිය ලැබෙද්දී ඇය දුෂණයට ලක්ව සිටි බවත්, එම අවස්ථාව වන විට ඇඳ සිටි ඇඳුම් පවා සිරුරේ නොතිබූ බවත් මෙම තරුණිය කළ පැමිණිල්ලේ සඳහන්වේ.

වෛද්‍ය සැපයුම් අංශයට අනුයුක්තව සේවය කරන වෘත්තිය සමිති ක‍්‍රියාකාරයෙක් එහි සේවය කරන කම්කරු කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කරනු ලැබූ සිද්ධියක් මෑතකදී වාර්තා විය. මෙකී තරුණ කම්කරු කාන්තාවන් කෙළින්ම පැමිණිලි කොට තිබුණේ ඇමැතිවරයාටය.

සහෝදර සේවකාවන්ට පමණක් නොවේ, රෝගී කාන්තාවන්ට පවා අතවර කරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීහු සිටිති.
උතුරු මැද එක්තරා මහ රෝහලක හෙද නිලධාරීහු දෙදෙනෙක් වරක් රෝගී කාන්තාවකට අතවර කළහ. සිද්ධිය පිළිබඳ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්නට එම රෝගී කාන්තාවගේ පාර්ශවය කටයුතු කළහ. ඒ අනුව අදාළ නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවනු ලැබිණි. එහෙත් ඔවුන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් එම රෝහලේ හෙදxහෙදියෝ වර්ජනයකට එළැඹුණහ.
රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හේතුවෙන් යළි ඔවුන් දෙදෙනා සේවයේ පිහිටුවීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. මෙවැනි සිදුවීම්ද මේ අතර වෙයි. වෘත්තීය සමිතිවලට නායකත්වය දෙන සමහරු පවා මේ අවස්ථාවේ මෙම චූදිතයන් දෙදෙනා සේවයේ පිහිටුවන ලෙස බලකිරීම කනගාටුවට කරුණකි.



නිරන්තර ලැබෙන පැමිණිලි අතර ලිංගික අතවර, හිංසා, අඩන්තේට්ටම් වන අතර අමුතු අන්දමේ පැමිණිලි තිබේ. ප‍්‍රධානතම රෝහලක අපූරු වෛද්‍යවරයෙක් සිටී. ඔහු නාරි හා ප‍්‍රසවවේද විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු දෛනිකව රෝගීන් පරික්ෂාවට වාට්ටුවට එන්නේ රාත‍්‍රි 12 ටය. මෙය රෝගීන්ට පමණක් නොව වාට්ටුවේ සේවය කරන අනෙක් කාර්ය මණ්ඩලවලටද හිරිහැරයකි. එහෙත් ඔහුගේ අදත් පුරුද්ද එයමය. විවිධ රෝගාබාධ වලින් පෙළෙන ගැබිණි මව්වරුන් මේ වාට්ටුවට එවනු ලැබ ඇත. මේ ගැබිනි මව්වරුන් වෙත කළ යුතු විශේෂ පරීක්ෂණ මෙම වෛද්‍යවරයා අදත් කරනු ලබන්නේ මැදියම් රැුයේදීය. මෙයට විරුද්ධ වූ හෙද නිලධාරිනියන් කිහිප දෙනකුම එම වාට්ටුවෙන් මාරුවී ගොස් සිටී.

තවත් වෘත්තීය සමිති ක‍්‍රියාකාරයෙකි. ඔහු රජයේ අනුග‍්‍රහය ලබන වෘත්තීය සමිතියක නායකයෙකි. ඔහු වෘත්තිය සමිති කටයුතුවලට මුදා හැර සිටින්නෙකි. වෘත්තීය සමිති කටයුතුවලට ඔහු රෝහලට එන්නේ රාත‍්‍රී 10 න් පසුවය. වෘත්තිය සමිති කටයුතුවලට බව කියමින් රෝහල් සේවිකාවෝ ඔහුගේ කාර්යාලයට ගෙන්වා ගන්නා මේ අනංගයා ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගනී. ඔහුගේ බිරිඳ ද එම රෝහලේම සේවිකාවකි. සැමියාගේ සල්ලාල වැඩවලට විරුද්ධවීම නිසා දෙදෙනා අතර ඇතිවූ ගැටුම අවසන් වුණේ බිරිඳ කොළඹ තවත් රෝහලකට මාරුකර යැවීමෙනි. සැමියා තවමත් පුරුදු රංගනයේමය.

ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් බොහොමයක හදා ඉවර කරන්නට බැරි විදුලි බුබුළු තිබේ. එවැනි තැන් අඳුරේ තබා ගැනීම සඳහා අලූත්වැඩියා කරන සෑම අවස්ථාවකම විදුලි බුබුළු බිඳින්නට කටයුතු කෙරේ.

කැලෑ පත්තර ගැසීමටද අංක එක ගන්නේ සෞඛ්‍ය සේවයයි. නම්මා ගත නොහැකි සේවිකාවන් වෙනුවෙන් කැලෑ පත්තර ගැසීම සිය රාජකාරියට වඩා උනන්දුවෙන් කරන කංකානිවරු සිටිති.

සුළු සේවක මණ්ඩල අතර පමණක් නොවේ, ඉහළ මට්ටමේ ද මේ ප‍්‍රශ්න අඩු වැඩි ලෙස තිබේ. එක්තරා සහකාර අධ්‍යක්ෂවරයෙක් හැට පැන සිටියත් තම අංශයේම විශේෂඥ වෛද්‍යවරියකට සිය පේ‍්‍රමය දන්වා කෙටි පණිවුඩ යැව්වේය. මේ කෙටි පණිවුඩ වෛද්‍යවරියගේ සැමියා දුටුවේය. ඒ ගෙදර ඇතිවූ ආරවුල අදාළ ආයතනය දක්වාම ආපසු පැමිණියේය.පිටරට සංචාරවලට යනවිට තම අංශයේ මෙන් කැමති නිලධාරිනියද තෝරාගෙන යන අධ්‍යක්ෂවරු සිටිති. වැඩමුළු සම්මන්ත‍්‍රණ ආවරණය කරන්නට යන ඔවුන් වෙනුවෙන් වැය වන මුදල පියැවෙන්නේ මේ රටේ පොදු මහජනතාවගේ මුදලිනි.

ලිංගික අල්ලස් ගැනීම් පිළිබඳව හිටපු ඇමැතිවරුන්ට පවා එරෙහිව චෝදනා තිබිණි. පහළ මට්ටමට මේ තත්ත්වය වැඩිදියුණු වන්නට එයද එක් හේතුවක් විය. දිගින් දිගටම මෙවැනි සිද්ධි වාර්තා වීම හේතුවෙන් මේවා පිළිබඳ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කරන්නට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එහෙත් ඉකුත් බදාදා වන තුරුත් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කිසිදු පැමිණිල්ලක් නොලද බව එහි ප‍්‍රකාශකයෙක් කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිගින් දිගටම සිදුවන මේ හානිය වළක්වන්නට නම් ඉහළ සිට පහළටම වරද දුටු තැන දඬුවම් දිය යුතු බව අමාත්‍යාංශයට සම්බන්ධ බොහෝ දෙනාගේ අදහසයි. සමහරුන්ට දඬුවම් දීමටත්, සමහරු ලිස්සා යාමටත් ඉඩ තැබීම ප‍්‍රශ්න වැඩි දියුණුවීමට හේතුවන බව ඔවුන්ගේ හැඟීමයි.







සැබැවින්ම පොලිසිය අවශ්‍ය නැත. අමාත්‍යාංශයටම එහි විමර්ශන ඒකකය හරහා අදාළ පැමිණිල්ල විභාග කොට වැරදිකරුට දඬුවම් දීමට හැකි තත්ත්වයක් තිබේ. එය සිදුවන්නේ නම් මෙවන් පැමිණිලි බොහොමයක් අඩුවනු ඇත

Thursday, December 27, 2012

නිදාගන්නා කාන්තාවන්ගේ ඇඳුම් උස්සා පලා යන්නා

නිදාගන්නා කාන්තාවන්ගේ ඇඳුම් උස්සා පලා යන වැලිගොඩ දමන්නකු (24) පානදුර මොදරවිල නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි.

මෙවැනි ස්ද්ධි 10කට පමණ ඔහු සම්බන්ධ බව පොලීසිය කියයි.

මහ රෑ හොරෙන් ගෙට ඇතුළු වී ඒ කාරිය පමණක් කරන ඔහු කිසිම දෙයක් සොරා නොගන්නා බව පෙනේයැයි ද පොලීසිය කියයි.

http://www.lankadeepa.lk/index.php/articles/88446

Wednesday, December 26, 2012

බිරිඳ හා දෙදරුවන් මැරූ සාහසික සැකකරුට බන්ධනාගාරයේදී පහර දී “අසූචි” කවයි

http://www.lakbima.lk


 


Meader-4රත්මලාන ගොලුමඩම පිහිටි සුඛෝපභෝගී නිවසකදී සිය තරුණ බිරිද හා දරු දෙදෙනා අමානුෂිකව ඝාතනය කළ සාහසික සැකකරුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර රැදවියන් විසින් දැඩි ලෙස පහර දී අසූචි කවා ඇතැයි වාර්තා වේ. තමන්ට පහර නොදෙන ලෙසට වැඳ වැටෙමින් රැදවියන් ඉදිරියේ සැකකරු පවසා ඇති අතර "මේ වගේ අපරාද කරන්නන් නීතියෙන් ගැලවූනද රිමාන්ඩ් ගෙදර රැදවියන්ගෙන් ගැලවීමක් නැති බවය”. දැඩි ප්‍රහාරයට ලක්වූ සැකකරුට ඇවිදිය නොහැකි අතර ඔහුගේ එක් හනුවක් පුපුරාගොස් ඇති බව සැලයි.
මේ අතර බන්ධනාගාර නිළධාරීන් විසින් සැකකරු වෙනත් ආරක්ෂිත යැයි කියන සිර මැදිරියකට දමා ඇත. කෙසේ වෙතත් එම මැදිරිය දරුණු බෝවන රෝග තිබෙන සිර කරුවන් රදවා තිබෙන එකක් බව වාර්තා වේ. සිය බිරිද හා දරු දෙදෙනා මරා දමා ඔවුන් නිදා සිටි ඇද මෙට්ටයට ගිනි තබා අමානුෂික අපරාධය සිදු කරමින් සිය අනියම් පෙම්වතිය විවාහ කර ගැනීමේ අරමුණින් හේ කටයුතු කර තිබේ.
ප්‍රදාන පෙළේ පුද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න වැටුප් ලද සැකකරු අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කොට තිබෙන අතර මේ වනවිට බන්ධනාගාර ගතව අසූචි ප්‍රහාරයන්ට ලක්වීමට සිදුව තිබේ.






 

Tuesday, December 25, 2012

අඩ නිරුවත තහනම් ස්වාසිලන්තය












ස්වාසිලන්තයේ කාන්තාවන් සදහා කොට කලිසම් ජීන්ස් ඇගට හිරවු ඇදුම් තහනම් කිරීමට එරට පොලිසිය ක්‍රියාකර ඇත.මෙමගින් ඔවුන් අදහස් කරනුයේ ඒඩ්ස් වසන්ගතය අවම කිරීමට බව පැවසේ.

එහෙත් මෙරටට පැමිනී (කලවැදි )රජුගේ නව බිරිද තොරා ගැනීමට පවත්වන රීඩ් නර්තනයේදී කාන්තාවන්ට නිරුවත් වීමට අවස්තාව ලබා දීමට බාදාකර නොමැත.

රජාට උවමනා නම් කබරයා තලගොයෙකු කලහැකි බව ස්වාසිලන්තයේ දේශ දොහියකු පැවසු බව ප්‍රන්ශ පුවත් සේවය ඉදිරියේදී කියනු ඇත.

ස්වාසිලන්තයේ එහේම උනාට ලන්කාවේ එහෙම වෙන්නේ නැ

Sunday, December 23, 2012

සුපිරි යට ඇඳුම් සොරකමක්

              
ලෝක ප්‍රකට වික්ටෝරියාස් සීක්‍රට් කාන්තා යට ඇඳුම් නිෂ්පාදන ආයතනයේ සැන්දියාගේ සාප්පුවෙන් පිරිමි දෙදෙනකු කාන්තා යට ඇඳුම් කට්ටල 300ක් සොරකම් කළ පුවතක් වාර්තා වේ. ඉතාම කාර්යබහුල නත්තල් සාප්පු සවාරි කාල සීමාවේ පාරිභෝගිකයන් අතරට එකතු වී මේ බිය සැක නැති හොරු දෙදෙනා වරින් වර මේ ඇඳුම් යටිමඩි ගසාගෙන ගොස් ඇතැයි සැක කරයි.

කෙසේ වෙතත් සාප්පුවේ සේවකයන්ට මේ බව හෙළි වී ඇත්තේ ලේඛනවල සඳහන් ප්‍රමාණවලට වඩා රාක්කවල සඳහන් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසාය. මේ නැතිවූ යට ඇඳුම්වල මිල ගැන සඳහන් කරන ජනමාධ්‍ය පෙන්වා දෙන්නේ තුනක් ඩොලර් 33ට සහ හතරක් ඩොලර් 28 යනාදී මිල ගණන්වලට මේවා වික්ටෝරියා සීක්‍රට් සාප්පුවේ අලෙවි වන බවයි. මේ අනුව සොරකම් කළ යට ඇඳුම්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 7කට ආසන්න වේ.

බබාලට තෑගි සොයාගන්න නිරුවත් නැටුමක්

              
ළමයින්ට උපකාර කිරීමට ආධාර රැස් කිරීමට තමන්ගේ වසර අවසාන නර්තන ප්‍රසංගය සූදානම් කොට ඇතැයි චිකාගෝ නුවර නිරුවත් නර්තන ශිල්පීන්ගේ සංවිධානය පවසයි. "උපකාර අවශ්‍ය අය සඳහා නිරුවත් නැටුම" නැරැඹීමට එන අයගෙන් මුදලක් අය නොකරන අතර කිසියම් තෑග්ගක් රැගෙන එන ලෙස දැනුම් දී ඇත.

මේ රැගෙන එන තෑග්ග අලුත් එකක් විය යුතු අතර ආවරණය නොකර රැගෙන එන ලෙස නියම කොට ඇත. මේ තෑගි අවශ්‍යතා ඇති ළමයින්ට තිළිණ කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. මේ නැටුම් ප්‍රසංගය සෑම වසරකම කරන බවත් එයින් රැස් කරන විශාල සෙල්ලම් බඩු තොගය ඇල්බනි පාර්ක්හි පල්ලියේ දී බෙදා දෙන බවත් සංවිධායකයෝ කියති.

Saturday, December 22, 2012

ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. ගයාන්ගේ බිරිඳ

ඒ අය වැරදි කරල මට චෝදනා කරන එක කොච්චර වැරදිද...?
ගයාන්ගේ බිරිඳ මීවිතට කී කතාව


රොෂාන්-චතුරිකා ආදර කතාවේ දෙදරායාම පසුගිය සතියේ සිට කලා ලෝකයෙන් ඇසෙන තොරතුරු අතර මුල්තැන ගත්තා. මේ කතාවට තුන් වැන්නෙක්‌ ලෙස එකතු වී තිබුණේ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වන ගයාන් වික්‍රමතිලකගේ නමයි. ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ නිර්දෝෂී භාවය හා සත්‍ය අසත්‍ය තාවය මාධ්‍ය මගින් ප්‍රකාශකර සිටියත් එම කතාබහට ලක්‌වී තිබුණු ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් ට එම අවස්‌තාව උදාවී තිබුණේ නැහැ. ඇය මේ හෙළිදරව්ව හමුවේ ඉතාමත් අපහසුතාවයකට ලක්‌වී තිබෙන බවට ලැබුණු ආරංචිය හා සැමට සාධාරන වූ මාධ්‍ය භාවිතාවක්‌ අනුගමනය කරීම අපගේ ප්‍රතිපත්තියවූ නිසා අප මේ පිළිබඳව ෆර්ෂිනා ලතීෆ්ගෙන් තොරතුරු විමසා සිටියා. එහිදී මේ සියළු දේයට පිළිතුරු ලෙස ඇය අප සමග පවසා සිටියේ මෙවැන්නක්‌.

ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. නමුත් මේ පවුල්වලට සම්බන්ධ හැමෝම දන්නවා ඇත්තටම සිදුවුණේ මොකක්‌ද කියලා. මේ දෙන්නගේ සම්බන්ධය නිසා අද මම දරුපැටව් දෙන්නෙක්‌ සමග අන්ත අසරණයි.

පසුගිය කාලේ ෂූටින් කිය කියා ගයාන් නිතරම ගෙදරින් පිටවෙලා ගියා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබෙන බව. මම හිතුවේ ඇත්තටම එයාට ගොඩක්‌ වැඩ ඇති කියලයි.

අන්තිමට ඒ හැමදෙයක්‌ම එළිවුණා. ඊට පස්‌සේ චතුරිකයි එයාගේ අම්මයි තාත්තයි රොෂානුයි අපේ ගෙදර ආවා මේ ගැන කතාකරන්න. ඒ වෙලාවේ මගේ අම්ම තාත්තත් හිටියා. අපි මේ ගැන අහනකොට චතුරිකා අපි හැමෝම ඉදිරියේදී පිළිගත්තා ගයාන් එක්‌ක ආදර සම්බන්ධයක්‌ තිබෙන බව.

මම කවදාවත් ගයාන්ව ගෙදරින් එළියට දැම්මේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ. මම එහෙම කළොත් දරුපැටව් දෙන්නයි මාවයි බලාගන්නේ කව්ද. නමුත් එයා මාධ්‍යයට කියලා තිබුණා මම එයාව ගෙදරින් එළියට දැම්මා කියලා. ඒක බොරුවක්‌. මේ හැම දෙයක්‌ම එළිවුණහම එයාම තමයි ගෙදරින් දොට්‌ට බැහැලා ගියේ.

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා. එතකොට අපිට දරුවෝ හිටියේ නැහැ. ඒ දේවල් නිසා මම එයාගෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නකොට එයාම ඇවිත් මගෙන් සමාව අරගෙන ආයේ එහෙම දෙයක්‌ වෙන්නේ නැහැ කියල පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ආයේ එයා කැඩුවා. මගේ ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.

මම දන්න විදිහට ඇත්තටම මගෙන් එයාට කිසි වරදක්‌ වෙලා නැහැ. ඒත් පසුගිය කාලේ එයා දිගින් දිගටම මාත් එක්‌ක රණ්‌ඩුකරන්න පටන් ගත්තා. නිතර නිතර මට පහරදුන්නා. ඒ වෙලාවට මම ඇහුවා ඇයි මට මෙහෙම කරන්නේ කියලා. සමහර දවස්‌වලට පාරේ බැහැලා යන්න බැරිතරමට මම ගුටිකාලා තියෙනවා. ඒ වෙලාවට එයා කියන්නේ මාත් එක්‌ක ජීවත් වෙන්න බැහැ කියලා.

මම දරුදෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක්‌. මාව අසරණ කළා මදිවට මාධ්‍යයෙනුත් මට මඩ ගහන එක කොච්චර වැරදිද. එහෙම වුණහම මම කොහොමද දරුදෙන්නත් එක්‌ක සමාජෙට මුහුණ දෙන්නේ. ඒ නිසයි මගේ නිර්දොaaෂි භාවය වෙනුවෙන් මේ ටික හරි මාධ්‍යට කියන්න හිතුවේ.

ගයාන් කියලා තිබුණා රොෂාන් පිලපිටියයි අපේ පවුලේ අයයි මමයි එකතුවෙලා එයාගෙන් පලිගන්න එයාට මඩගහනවා කියලා. ඇත්තටම රොෂාන්ව මීට කලින් මම කවදාවත් හමුවෙලාවත් කතා කරලවත් තිබුණේ නැහැ. ඒ කතාව බොරුවක්‌. මම රොෂාන්ව දැනගෙන හිටියේ නළුවකේ විදිහට විතරයි.

ගයානුයි මමයි විවාහවෙලා අවුරුදු හතක්‌ වෙනවා. එත් අද දරු දෙන්නත් සමග මම තනිවෙලා. කඩවත පැත්තේ රෙන්ට්‌ එකට ගත්ත ගෙදරක තමයි තවමත් අපි ජීවත් වෙන්නේ.

මම මැලේ ජාතික කෙනෙක්‌. මම ගයාන් එක්‌ක විවාහ වුණේ ලොකු විශ්වාසයකින්. ගයාන්ගේ ආගම බෞද්ධ. ඒ නිසා මමත් මගේ ආගම පවා අත්හැරලා බෞද්ධ වුණා. මම අදත් බුදුන්ට මල්පහන් පූජා කරනවා. මේ හැමදේම වෙනස්‌ වුණේ එයා වෙනුවෙන්.

නමුත් අද මගේ පිහිටට ඉන්නේ මගේ දෙමව්පියෝ විතරයි.

නීතිමය උපදෙස්‌ මත මම මේ ගැන කඩවත පොලීසියේ පැමිණිල්ලක්‌ දැම්මා. අපි මුණගැසුණේ මහේන්ද්‍ර පෙරේරාගේ ඩ්‍රාමා ක්‌ලාස්‌ එකේදී. එයා නිසා මම කලා කටයුතුවලිනුත් ඉවත්වුණා. මේ හැමදේම කැප කරපු මට එයා අද සැලකුවේ මේ විදිහටයි.
http://www.divaina.com/2012/12/23/cineart01.html