Sunday, December 23, 2012

බබාලට තෑගි සොයාගන්න නිරුවත් නැටුමක්

              
ළමයින්ට උපකාර කිරීමට ආධාර රැස් කිරීමට තමන්ගේ වසර අවසාන නර්තන ප්‍රසංගය සූදානම් කොට ඇතැයි චිකාගෝ නුවර නිරුවත් නර්තන ශිල්පීන්ගේ සංවිධානය පවසයි. "උපකාර අවශ්‍ය අය සඳහා නිරුවත් නැටුම" නැරැඹීමට එන අයගෙන් මුදලක් අය නොකරන අතර කිසියම් තෑග්ගක් රැගෙන එන ලෙස දැනුම් දී ඇත.

මේ රැගෙන එන තෑග්ග අලුත් එකක් විය යුතු අතර ආවරණය නොකර රැගෙන එන ලෙස නියම කොට ඇත. මේ තෑගි අවශ්‍යතා ඇති ළමයින්ට තිළිණ කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. මේ නැටුම් ප්‍රසංගය සෑම වසරකම කරන බවත් එයින් රැස් කරන විශාල සෙල්ලම් බඩු තොගය ඇල්බනි පාර්ක්හි පල්ලියේ දී බෙදා දෙන බවත් සංවිධායකයෝ කියති.

No comments:

Post a Comment