Thursday, December 20, 2012

අඳුරු ධූම කේතුවක්‌ පෘථිවිය වෙත ඇදී ඒමේ ඉඩක්‌



කීර්ති වර්ණකුලසූරිය

පෘථිවිය වෙත අඳුරු ධූම කේතුවක්‌ ඇදී ඒමට ඉඩ ඇති බව මහාචාර්ය බෙල් චර්නල් මහත්මිය කියා සිටී.

මේ අඳුරු ධූම කේතුව හඳුනා ගැනීම දුෂ්කර බවත් එහි විශාල වශයෙන් දූවිලි පිරී ඇති බවත් ඇය සඳහන් කරයි.

මෙම අඳුරු ධූම කේතුව පෘථිවිය සමග ගැටුණොත් දූවිලි වළාවක්‌ වායුගෝලයට එක්‌වී බිලියන ගණනාවක්‌ ජනතාව දුෂ්කරතාවන්ට පත්වන බව ඇය අනතුරු අඟවා සිටී.

මේ අතර ආචාර්ය ඩෙට්‌ රොකරි පවසන්නේ සුපිරි ගිනිකන්දක්‌ පිපිරී එහි දූවිලි වළාවන් වායුගෝලයට එක්‌වී පෘථිවියට අහිතකර තත්ත්වයක්‌ ඇතිකරන බවයි.

මෙයට සමාන ප්‍රකාශයක්‌ කරන ඇමරිකානු භූ විද්‍යා සමාජයේ හිටපු සභාපති බ්‍රයන් ලිට්‌ල් පවසන්නේ මුහුද යට නායයැම් සිදුවී මීතෙන් වායු නිධි පෘථිවියේ වායුගෝලයට එක්‌වී විනාශකාරී තත්ත්වයන් ඇති වන බවත්ය.

3 comments: