Sunday, December 23, 2012

සුපිරි යට ඇඳුම් සොරකමක්

              
ලෝක ප්‍රකට වික්ටෝරියාස් සීක්‍රට් කාන්තා යට ඇඳුම් නිෂ්පාදන ආයතනයේ සැන්දියාගේ සාප්පුවෙන් පිරිමි දෙදෙනකු කාන්තා යට ඇඳුම් කට්ටල 300ක් සොරකම් කළ පුවතක් වාර්තා වේ. ඉතාම කාර්යබහුල නත්තල් සාප්පු සවාරි කාල සීමාවේ පාරිභෝගිකයන් අතරට එකතු වී මේ බිය සැක නැති හොරු දෙදෙනා වරින් වර මේ ඇඳුම් යටිමඩි ගසාගෙන ගොස් ඇතැයි සැක කරයි.

කෙසේ වෙතත් සාප්පුවේ සේවකයන්ට මේ බව හෙළි වී ඇත්තේ ලේඛනවල සඳහන් ප්‍රමාණවලට වඩා රාක්කවල සඳහන් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසාය. මේ නැතිවූ යට ඇඳුම්වල මිල ගැන සඳහන් කරන ජනමාධ්‍ය පෙන්වා දෙන්නේ තුනක් ඩොලර් 33ට සහ හතරක් ඩොලර් 28 යනාදී මිල ගණන්වලට මේවා වික්ටෝරියා සීක්‍රට් සාප්පුවේ අලෙවි වන බවයි. මේ අනුව සොරකම් කළ යට ඇඳුම්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 7කට ආසන්න වේ.

2 comments:

  1. අම්මෝ යට කලිසං වල ගනං

    අපිට ඔහොම තිබුනනං ඉඩං උගස් තියෙල තමයි යටට අදින්න වෙන්නෙ..වර්ඩ් වේරිෆිකේෂන් අයින් කලානම් අපිට කමෙන්ට් කරන්න ලේසියි....

    ReplyDelete