Wednesday, December 5, 2012

ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව වැඩිවෙයි:


 දිනකට නීති විරෝධී ගබ්සා 650 ක්‌

ඒමන්ති මාරඹේ

මෙරට පර්යේෂකයන් විසින් ගබ්සාවන් පිළිබඳ සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව දිනකට මෙරට ළදරුවන් 3 දෙනකු උපත ලබන විට තවත් ළදරු කලල 2 ක්‌ ගබ්සා කෙරෙන බව අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණවලදී රැස්‌කරගෙන ඇති දත්තයන්ට අනුව දිනකට මෙරට සිදු කෙරෙන නීති විරෝධී ගබ්සාවන් සංඛ්‍යාව 650 - 750 අතර සංඛ්‍යාවකි.

මෙරට දරුවන් දෙදෙනකු සිටින විවාහකයන් අතරින් ගබ්සාවන් කර ගැනීම සඳහා පවතින ඉල්ලුම වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසයි. පවතින ආර්ථික දුෂ්කරතාවන් මත තවත් දරුවකු හදා වඩා ගැනීමට නොහැකි වීම, අවශ්‍ය පමණ දරුවන් සිටීම හා දෙවැනි දරුවා වයසින් අඩුවීම මෙසේ ගබ්සාවන් සිදු කර ගැනීමට පෙළඹෙන විවාහක කාන්තාවන් ඉදිරිපත් කරන නිදහසට කරුණු බව එම සංගමය පෙන්වා දෙයි. මේ අතර මෙරට අඩු වයස්‌ කාණ්‌ඩවල පසු වන යෞවන යෞවනියන් අතර සිදු වන විවාහ සංඛ්‍යාව වැඩි වෙමින් පැවැතීමද අනවශ්‍ය ගැබ් ගැනීම් හා ගබ්සාවන් ඉහළ යැමට හේතු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.

මේ වනවිට මෙරට වාර්ෂිකව සිදුවන විවාහයන් අතුරින් සියයට 6.5 ක්‌ මෙම අඩුවයස්‌ යෞවන යෞවනියෝ අතර සිදුවන විවාහ වන අතර මුස්‌ලිම් ප්‍රජාව තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්‌නට ඇතැයි ඇය සඳහන් කළාය.

No comments:

Post a Comment