Thursday, December 20, 2012

ලෝක විනාශයට පෙර මෙලොවින් නික්ම යාමට පිටසක්වල යානයක්.

 
2012 දෙසැම්බර් 21 සිකුරාදා- පෙරවරු 10:11
මායාවරුන්ගේ ලෝක විනාශය විශ්වාස කරන ප‍්‍රංශයේ පිරනීස් කඳුකර ගම්මානයක වැසියන් ඊට පෙර මෙලොවින් නික්මීම සඳහා පිටසක්වල යානයක් යොදා ගැනීමට සැරසෙනවා. මෙම ගම්මානය ආසන්නයේ පිහිටි භුගරාච් කඳුකරයේ පිටසක්වල ජීවීන් වාසය කරන බවත්, ඔවුන් ලෝක විනාශයට පෙර නික්ම යනු ඇති බවත් ගම්වාසීන්ගේ අදහසයි. මේ නිසා පිටසක්වල වැසියෙකු පදවන අභ්‍යාවකාශ යානයක නැගී මෙලොවින් නික්මීමටයි ඔවුන් සූදානම් වන්නේ. ඒ සඳහා වෙනත් ප‍්‍රදේශවල ජනයා පැමිණෙතැයි බියෙන් ඔවුන් ගම්මානයට පැමිණෙන මාර්ග සියල්ල අවහිර කර ඇති බවත් වාර්තා වනවා. කෙසේ නමුත්, විද්‍යාත්මක සාධක අනුව තහවුරු කර ඇත්තේ අද එවැනි ලෝක විනාශයක් සිදුනොවන බවයි.

@hiru news

No comments:

Post a Comment