Thursday, December 6, 2012

දකුණින් පන්සල, වමෙන් පාසැල, මැද ගණිකා මඬම

බදුරළිය ප්‍රදේශයේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගන ගිය පුද්ගලයෙකු හා ඔහු ගේ සහායකයා සමඟ කාන්තාවන් දෙදෙනෙකු බදුරළිය පොලිසිය අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත් දමින්ද ආර් වඳුගොඩපිටිය මහතා නියම කළේය. වාහන සේවා ස්ථානයක් අසල රහසිගතව පවත්වාගන ගිය මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් සහ ඔහුගේ සහායකයාට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම විය. එම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැදී සිටි බදුරළිය හූඩිගල්ල සහ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් හැත්තෑ පන්දහස බැඟින් දඩ නියම විය. වයස අවුරුදු හතලිස් තුන හා හතලිස් දෙක වයස්වල පසු වූ කාන්තාවන් මෙම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදී ඇත. ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක්, ප්‍රධාන පාසලක් ද ආශ්‍රිතව මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගන ගොස් ඇති අතර ප්‍රදේශයේ ලාබාල තරුණ පිරිස් මෙම ස්ථානයට පැමිණෙන බව ප්‍රදේශයේ ජනතාව කියති. මෙම සැකකරුවන් හට අදාල දඩ මුදල් ගෙවා ගත නොහැකිව රිමාන්ඩ් ගත කර ඇත. මේ පිළිබද පරික්ෂණ කටයුතු බරදුරළිය පොලිසිය විසින් මෙහෙයවන ලදී.
සෝමරත්න පොද්දෙණිය - අගලවත්ත

(උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙනි)

No comments:

Post a Comment