Thursday, December 6, 2012

දකුණින් පන්සල, වමෙන් පාසැල, මැද ගණිකා මඬම

බදුරළිය ප්‍රදේශයේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගන ගිය පුද්ගලයෙකු හා ඔහු ගේ සහායකයා සමඟ කාන්තාවන් දෙදෙනෙකු බදුරළිය පොලිසිය අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත් දමින්ද ආර් වඳුගොඩපිටිය මහතා නියම කළේය. වාහන සේවා ස්ථානයක් අසල රහසිගතව පවත්වාගන ගිය මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් සහ ඔහුගේ සහායකයාට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම විය. එම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැදී සිටි බදුරළිය හූඩිගල්ල සහ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් හැත්තෑ පන්දහස බැඟින් දඩ නියම විය. වයස අවුරුදු හතලිස් තුන හා හතලිස් දෙක වයස්වල පසු වූ කාන්තාවන් මෙම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදී ඇත. ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක්, ප්‍රධාන පාසලක් ද ආශ්‍රිතව මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගන ගොස් ඇති අතර ප්‍රදේශයේ ලාබාල තරුණ පිරිස් මෙම ස්ථානයට පැමිණෙන බව ප්‍රදේශයේ ජනතාව කියති. මෙම සැකකරුවන් හට අදාල දඩ මුදල් ගෙවා ගත නොහැකිව රිමාන්ඩ් ගත කර ඇත. මේ පිළිබද පරික්ෂණ කටයුතු බරදුරළිය පොලිසිය විසින් මෙහෙයවන ලදී.
සෝමරත්න පොද්දෙණිය - අගලවත්ත

(උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙනි)

Wednesday, December 5, 2012

ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව වැඩිවෙයි:


 දිනකට නීති විරෝධී ගබ්සා 650 ක්‌

ඒමන්ති මාරඹේ

මෙරට පර්යේෂකයන් විසින් ගබ්සාවන් පිළිබඳ සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව දිනකට මෙරට ළදරුවන් 3 දෙනකු උපත ලබන විට තවත් ළදරු කලල 2 ක්‌ ගබ්සා කෙරෙන බව අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණවලදී රැස්‌කරගෙන ඇති දත්තයන්ට අනුව දිනකට මෙරට සිදු කෙරෙන නීති විරෝධී ගබ්සාවන් සංඛ්‍යාව 650 - 750 අතර සංඛ්‍යාවකි.

මෙරට දරුවන් දෙදෙනකු සිටින විවාහකයන් අතරින් ගබ්සාවන් කර ගැනීම සඳහා පවතින ඉල්ලුම වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසයි. පවතින ආර්ථික දුෂ්කරතාවන් මත තවත් දරුවකු හදා වඩා ගැනීමට නොහැකි වීම, අවශ්‍ය පමණ දරුවන් සිටීම හා දෙවැනි දරුවා වයසින් අඩුවීම මෙසේ ගබ්සාවන් සිදු කර ගැනීමට පෙළඹෙන විවාහක කාන්තාවන් ඉදිරිපත් කරන නිදහසට කරුණු බව එම සංගමය පෙන්වා දෙයි. මේ අතර මෙරට අඩු වයස්‌ කාණ්‌ඩවල පසු වන යෞවන යෞවනියන් අතර සිදු වන විවාහ සංඛ්‍යාව වැඩි වෙමින් පැවැතීමද අනවශ්‍ය ගැබ් ගැනීම් හා ගබ්සාවන් ඉහළ යැමට හේතු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.

මේ වනවිට මෙරට වාර්ෂිකව සිදුවන විවාහයන් අතුරින් සියයට 6.5 ක්‌ මෙම අඩුවයස්‌ යෞවන යෞවනියෝ අතර සිදුවන විවාහ වන අතර මුස්‌ලිම් ප්‍රජාව තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්‌නට ඇතැයි ඇය සඳහන් කළාය.

Thursday, October 25, 2012

මේකනම් මට ආවේ ඊයකින් බලමු එහෙනම්

ඇය දගකර නැතිකරගත්
කන්යා පටලය
විවාහයට පෙර නැවත
සකසා දෙන්නට
නම්බුකාර පෝසත් පියා
හොර වෙදෙක් වෙත
ඇය කැ‍ටුව ගොස් ...

ඇගේ කන් බෙරය ගෙන
කන්යා පටලය ලෙස සවිකර
විවාහයට සතුටින් මුහුන දෙන්නැයි කියුවිට
වැඩේ හරිදැයි සැකහැර දැනගන්නට
වෙදාද පොලබවාගෙන
ආ....හා.....!

නැවතත් කන්යා පටලය කැඩි
ඇය ලග එන විවාහය ගැන හඩමින්
වෙදා පෝසත් පියාගේ මුදල් ගැන හිතමින්
අනිත් කන් බෙරයද ගෙන
පෙර ශල්යකර්මයම කර
ඇයව ශල්යාගාරය එදිරිපස බන්කුවක හිදුවා.....

පියා පැමින ඇය කැ‍ටුව යන්නට
කතාකල විට
ඇය නිහඩව
දියනිය නැසුකන්ව සිටිනබව
පියා දුවගොස් වෙදාට කීවිට
වෙදා පැමින ඔසවා ඇගේ ගවුම
"තාත්තා ගෙදර යන්න කතාකරනවා"  කියුවිට
ඇය නැගිට සිනාසී
පියා සමග සතුටින් ගෙදර ගියාය....

අපේ සමාජයත් ඇය වැනිය
කන් බෙරවලින් කන්යා පටල සවිකරගෙනය
මොනවා කිව්වත් ඇහෙන්නේ නැතිය
ගව්ම ඔසවා ඉන්ද්‍රියටම කතා කල යුතුය






Thursday, October 20, 2011

දෙවියන්ටත් කීමට නොහැකි ස්ත්‍රින් ගැන.



ශාස්තර බැලිම කේන්දර බැලිම වැනි ගුප්ත විදයා ක්‍රම අපි භාවිතා කරනවානේ.ශාස්තර ක්‍රම හරහා බැලිය නොහැකි කරුනු  පිලිබදව වේද ග්‍රන්තවල සදහන් වෙන්නේ මෙසේයි.

අශ්වප්ලුතන් වාක්ශන ගර්ජිතන්
ස්වේවශීනන්වාදයවර්ශනන් වා
ස්ත්‍රිනාන්ච  චිත්තන් පුරුශය භාගයන්
දේවෝ නජානති කු‍තෝ මනුස්ශයන්

දිනන අශ්වයා තේරිමද,අහස කොයි මොහොතක ගොරවයිද,අකුනක් වදින්නේ කුමන තැනකටද,අද වසීද නැද්ද යන කරුනද, ස්ත්‍රියකගේ සිතේ ස්භාවය පිලිබදවද,පුරුශයකුට භාගයය මේ ලෙස උදාවේයයිද? යන කරුනු හය ස්තීරකොට කීමට දෙවියන්ටත් නොහැක්කේය.
ඉතින් බොලන්ලා අපි කුමක් පවසමුද මේම ස්ත්‍රින් ගැන.

Thursday, October 13, 2011

යුද්ධය


                                     
හැමෝටම දැන ගන්න පොඩි කතාවක් ලියන්නම්.  සන්වේදි හදවත් වලට දැනේවී.

ඔන්න  යුද්දයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම  දුරකතන ඇමතුමක් දුන්නා

"තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ"

කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා

ප්‍රශ්නයක් තියනවා තාත්තේ මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා
කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.

තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිඋන කෙනෙක් පුතා හැගීම්බර විදිහට කීවා

අනේ මගේ පුතේ අත් පය නැතිකෙනෙක් ගෙදරට එක්කරගෙන ආවහම මොනතරම් කරදරයක්ද? අපේත් නිදහස සීමා වෙනවානේ. එයා වෙනුවෙන් වෙනම කෙනෙක් යොදවන්නත්න් ඕනනේ. තාත්තා දැඩි විදිහට ප්‍රතික්ශෙප කලා.
පුතා මොනතරම් කීවත් තාත්තාගේ ස්තාවරය වෙනස් වුනෙ නැ.දුරකතනය විසන්දිකල පුතා ඇමතුම හමාරකලා.
මීලග සතියේදී කිව විදිහට පුතා එයි කියලා බලාගෙන හිටියත් පුතා ආවේ නැ
එම පලාතේ පොලිසියෙන් හදිසියේම ඔවුන්ගේ ගෙදරට ආවා
ඔබලාගේ පුතා උස ගොඩනැගිල්ලකින් වැටිලා මරුමුවට පත්වෙලා තියනවා.අප සිතන්නේ මෙය සිය දිවිනසා ගැනීමක් කියලායි පොලිස් ප්‍රදානියා පැවසුවා
ඉක්මනින් තාත්තා ඔවුන් සමග ගියා මියගොස් සිටි තම පුතා දැක්ක තාත්තාට සිහි නැතුව ගියා .
යුද්දයේදී ඔහුගේ එක් අතක් සහ කකුලක් ඔහුට අහිමීවි තිබුනා.
යහලුවා වෙනුවෙන් ලෙස ඔහු ඉල්ලා ඇත්තේ තමාගේ ජීවිතය බව තාත්තට වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි
මොහොතක් සිතන්න...............................

Tuesday, May 31, 2011

පරාගනය වුවත් ඈය

සුපිපි මල්
සිඹිති බමරුන්
පරාගනයවේ
බොහොමයක් මල්....
අනේ බමරින්දුනේ
පරාගනය වුවත් ඈය
හටනොගන්නේ ඈයිද
තිරසාර ඵල...???

අන්සතු මල

හිමි නෑ නුබ මට
හරියට අර ඈත තියන සද වාගේ
මමයි මී මෑස්සා මලේ රොන් සොයන
නුබය කිසිදා රොන් නොදෙන
අන්සතු මල