Sunday, December 23, 2012
Saturday, December 22, 2012
ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. ගයාන්ගේ බිරිඳ
ඒ අය වැරදි කරල මට චෝදනා කරන එක කොච්චර
වැරදිද...?
ගයාන්ගේ බිරිඳ මීවිතට කී කතාව
රොෂාන්-චතුරිකා ආදර කතාවේ දෙදරායාම
පසුගිය සතියේ සිට කලා ලෝකයෙන් ඇසෙන තොරතුරු අතර මුල්තැන ගත්තා. මේ කතාවට තුන්
වැන්නෙක් ලෙස එකතු වී තිබුණේ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක් වන ගයාන්
වික්‍රමතිලකගේ නමයි. ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ නිර්දෝෂී භාවය හා සත්‍ය අසත්‍ය
තාවය මාධ්‍ය මගින් ප්‍රකාශකර සිටියත් එම කතාබහට ලක්‌වී තිබුණු ගයාන් වික්‍රමතිලකගේ
බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් ට එම අවස්‌තාව උදාවී තිබුණේ නැහැ. ඇය මේ හෙළිදරව්ව හමුවේ
ඉතාමත් අපහසුතාවයකට ලක්‌වී තිබෙන බවට ලැබුණු ආරංචිය හා සැමට සාධාරන වූ මාධ්‍ය
භාවිතාවක් අනුගමනය කරීම අපගේ ප්‍රතිපත්තියවූ නිසා අප මේ පිළිබඳව ෆර්ෂිනා ලතීෆ්ගෙන්
තොරතුරු විමසා සිටියා. එහිදී මේ සියළු දේයට පිළිතුරු ලෙස ඇය අප සමග පවසා සිටියේ
මෙවැන්නක්.
ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. නමුත් මේ පවුල්වලට සම්බන්ධ හැමෝම දන්නවා ඇත්තටම සිදුවුණේ මොකක්‌ද කියලා. මේ දෙන්නගේ සම්බන්ධය නිසා අද මම දරුපැටව් දෙන්නෙක් සමග අන්ත අසරණයි.
පසුගිය කාලේ ෂූටින් කිය කියා ගයාන් නිතරම ගෙදරින් පිටවෙලා ගියා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙන බව. මම හිතුවේ ඇත්තටම එයාට ගොඩක් වැඩ ඇති කියලයි.
අන්තිමට ඒ හැමදෙයක්‌ම එළිවුණා. ඊට පස්‌සේ චතුරිකයි එයාගේ අම්මයි තාත්තයි රොෂානුයි අපේ ගෙදර ආවා මේ ගැන කතාකරන්න. ඒ වෙලාවේ මගේ අම්ම තාත්තත් හිටියා. අපි මේ ගැන අහනකොට චතුරිකා අපි හැමෝම ඉදිරියේදී පිළිගත්තා ගයාන් එක්‌ක ආදර සම්බන්ධයක් තිබෙන බව.
මම කවදාවත් ගයාන්ව ගෙදරින් එළියට දැම්මේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ. මම එහෙම කළොත් දරුපැටව් දෙන්නයි මාවයි බලාගන්නේ කව්ද. නමුත් එයා මාධ්‍යයට කියලා තිබුණා මම එයාව ගෙදරින් එළියට දැම්මා කියලා. ඒක බොරුවක්. මේ හැම දෙයක්‌ම එළිවුණහම එයාම තමයි ගෙදරින් දොට්‌ට බැහැලා ගියේ.
ගයාන්ට මීට කලිනුත් ඔයවගේ
සම්බන්ධකම් තිබුණා. එතකොට අපිට දරුවෝ හිටියේ නැහැ. ඒ දේවල් නිසා මම එයාගෙන් අයින්
වෙන්න හිතාගෙන ඉන්නකොට එයාම ඇවිත් මගෙන් සමාව අරගෙන ආයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ
කියල පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ආයේ එයා කැඩුවා. මගේ ලොකු පුතාට වයස අවුරුදු
පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.
මම දන්න විදිහට ඇත්තටම මගෙන් එයාට කිසි වරදක් වෙලා නැහැ. ඒත් පසුගිය කාලේ එයා දිගින් දිගටම මාත් එක්‌ක රණ්‌ඩුකරන්න පටන් ගත්තා. නිතර නිතර මට පහරදුන්නා. ඒ වෙලාවට මම ඇහුවා ඇයි මට මෙහෙම කරන්නේ කියලා. සමහර දවස්‌වලට පාරේ බැහැලා යන්න බැරිතරමට මම ගුටිකාලා තියෙනවා. ඒ වෙලාවට එයා කියන්නේ මාත් එක්‌ක ජීවත් වෙන්න බැහැ කියලා.
මම දරුදෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක්. මාව අසරණ කළා මදිවට මාධ්‍යයෙනුත් මට මඩ ගහන එක කොච්චර වැරදිද. එහෙම වුණහම මම කොහොමද දරුදෙන්නත් එක්‌ක සමාජෙට මුහුණ දෙන්නේ. ඒ නිසයි මගේ නිර්දොaaෂි භාවය වෙනුවෙන් මේ ටික හරි මාධ්‍යට කියන්න හිතුවේ.
ගයාන් කියලා තිබුණා රොෂාන් පිලපිටියයි අපේ පවුලේ අයයි මමයි එකතුවෙලා එයාගෙන් පලිගන්න එයාට මඩගහනවා කියලා. ඇත්තටම රොෂාන්ව මීට කලින් මම කවදාවත් හමුවෙලාවත් කතා කරලවත් තිබුණේ නැහැ. ඒ කතාව බොරුවක්. මම රොෂාන්ව දැනගෙන හිටියේ නළුවකේ විදිහට විතරයි.
ගයානුයි මමයි විවාහවෙලා අවුරුදු හතක් වෙනවා. එත් අද දරු දෙන්නත් සමග මම තනිවෙලා. කඩවත පැත්තේ රෙන්ට් එකට ගත්ත ගෙදරක තමයි තවමත් අපි ජීවත් වෙන්නේ.
මම මැලේ ජාතික කෙනෙක්. මම ගයාන් එක්‌ක විවාහ වුණේ ලොකු විශ්වාසයකින්. ගයාන්ගේ ආගම බෞද්ධ. ඒ නිසා මමත් මගේ ආගම පවා අත්හැරලා බෞද්ධ වුණා. මම අදත් බුදුන්ට මල්පහන් පූජා කරනවා. මේ හැමදේම වෙනස් වුණේ එයා වෙනුවෙන්.
නමුත් අද මගේ පිහිටට ඉන්නේ මගේ දෙමව්පියෝ විතරයි.
නීතිමය උපදෙස් මත මම මේ ගැන කඩවත පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. අපි මුණගැසුණේ මහේන්ද්‍ර පෙරේරාගේ ඩ්‍රාමා ක්‌ලාස් එකේදී. එයා නිසා මම කලා කටයුතුවලිනුත් ඉවත්වුණා. මේ හැමදේම කැප කරපු මට එයා අද සැලකුවේ මේ විදිහටයි.
http://www.divaina.com/2012/12/23/cineart01.html
ගයාන්ගේ බිරිඳ මීවිතට කී කතාව
රොෂාන්-චතුරිකා ආදර කතාවේ දෙදරායාම
පසුගිය සතියේ සිට කලා ලෝකයෙන් ඇසෙන තොරතුරු අතර මුල්තැන ගත්තා. මේ කතාවට තුන්
වැන්නෙක් ලෙස එකතු වී තිබුණේ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක් වන ගයාන්
වික්‍රමතිලකගේ නමයි. ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ නිර්දෝෂී භාවය හා සත්‍ය අසත්‍ය
තාවය මාධ්‍ය මගින් ප්‍රකාශකර සිටියත් එම කතාබහට ලක්‌වී තිබුණු ගයාන් වික්‍රමතිලකගේ
බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් ට එම අවස්‌තාව උදාවී තිබුණේ නැහැ. ඇය මේ හෙළිදරව්ව හමුවේ
ඉතාමත් අපහසුතාවයකට ලක්‌වී තිබෙන බවට ලැබුණු ආරංචිය හා සැමට සාධාරන වූ මාධ්‍ය
භාවිතාවක් අනුගමනය කරීම අපගේ ප්‍රතිපත්තියවූ නිසා අප මේ පිළිබඳව ෆර්ෂිනා ලතීෆ්ගෙන්
තොරතුරු විමසා සිටියා. එහිදී මේ සියළු දේයට පිළිතුරු ලෙස ඇය අප සමග පවසා සිටියේ
මෙවැන්නක්. ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. නමුත් මේ පවුල්වලට සම්බන්ධ හැමෝම දන්නවා ඇත්තටම සිදුවුණේ මොකක්‌ද කියලා. මේ දෙන්නගේ සම්බන්ධය නිසා අද මම දරුපැටව් දෙන්නෙක් සමග අන්ත අසරණයි.
පසුගිය කාලේ ෂූටින් කිය කියා ගයාන් නිතරම ගෙදරින් පිටවෙලා ගියා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙන බව. මම හිතුවේ ඇත්තටම එයාට ගොඩක් වැඩ ඇති කියලයි.
අන්තිමට ඒ හැමදෙයක්‌ම එළිවුණා. ඊට පස්‌සේ චතුරිකයි එයාගේ අම්මයි තාත්තයි රොෂානුයි අපේ ගෙදර ආවා මේ ගැන කතාකරන්න. ඒ වෙලාවේ මගේ අම්ම තාත්තත් හිටියා. අපි මේ ගැන අහනකොට චතුරිකා අපි හැමෝම ඉදිරියේදී පිළිගත්තා ගයාන් එක්‌ක ආදර සම්බන්ධයක් තිබෙන බව.
මම කවදාවත් ගයාන්ව ගෙදරින් එළියට දැම්මේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ. මම එහෙම කළොත් දරුපැටව් දෙන්නයි මාවයි බලාගන්නේ කව්ද. නමුත් එයා මාධ්‍යයට කියලා තිබුණා මම එයාව ගෙදරින් එළියට දැම්මා කියලා. ඒක බොරුවක්. මේ හැම දෙයක්‌ම එළිවුණහම එයාම තමයි ගෙදරින් දොට්‌ට බැහැලා ගියේ.
ගයාන්ට මීට කලිනුත් ඔයවගේ
සම්බන්ධකම් තිබුණා. එතකොට අපිට දරුවෝ හිටියේ නැහැ. ඒ දේවල් නිසා මම එයාගෙන් අයින්
වෙන්න හිතාගෙන ඉන්නකොට එයාම ඇවිත් මගෙන් සමාව අරගෙන ආයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ
කියල පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ආයේ එයා කැඩුවා. මගේ ලොකු පුතාට වයස අවුරුදු
පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.මම දන්න විදිහට ඇත්තටම මගෙන් එයාට කිසි වරදක් වෙලා නැහැ. ඒත් පසුගිය කාලේ එයා දිගින් දිගටම මාත් එක්‌ක රණ්‌ඩුකරන්න පටන් ගත්තා. නිතර නිතර මට පහරදුන්නා. ඒ වෙලාවට මම ඇහුවා ඇයි මට මෙහෙම කරන්නේ කියලා. සමහර දවස්‌වලට පාරේ බැහැලා යන්න බැරිතරමට මම ගුටිකාලා තියෙනවා. ඒ වෙලාවට එයා කියන්නේ මාත් එක්‌ක ජීවත් වෙන්න බැහැ කියලා.
මම දරුදෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක්. මාව අසරණ කළා මදිවට මාධ්‍යයෙනුත් මට මඩ ගහන එක කොච්චර වැරදිද. එහෙම වුණහම මම කොහොමද දරුදෙන්නත් එක්‌ක සමාජෙට මුහුණ දෙන්නේ. ඒ නිසයි මගේ නිර්දොaaෂි භාවය වෙනුවෙන් මේ ටික හරි මාධ්‍යට කියන්න හිතුවේ.
ගයාන් කියලා තිබුණා රොෂාන් පිලපිටියයි අපේ පවුලේ අයයි මමයි එකතුවෙලා එයාගෙන් පලිගන්න එයාට මඩගහනවා කියලා. ඇත්තටම රොෂාන්ව මීට කලින් මම කවදාවත් හමුවෙලාවත් කතා කරලවත් තිබුණේ නැහැ. ඒ කතාව බොරුවක්. මම රොෂාන්ව දැනගෙන හිටියේ නළුවකේ විදිහට විතරයි.
ගයානුයි මමයි විවාහවෙලා අවුරුදු හතක් වෙනවා. එත් අද දරු දෙන්නත් සමග මම තනිවෙලා. කඩවත පැත්තේ රෙන්ට් එකට ගත්ත ගෙදරක තමයි තවමත් අපි ජීවත් වෙන්නේ.
මම මැලේ ජාතික කෙනෙක්. මම ගයාන් එක්‌ක විවාහ වුණේ ලොකු විශ්වාසයකින්. ගයාන්ගේ ආගම බෞද්ධ. ඒ නිසා මමත් මගේ ආගම පවා අත්හැරලා බෞද්ධ වුණා. මම අදත් බුදුන්ට මල්පහන් පූජා කරනවා. මේ හැමදේම වෙනස් වුණේ එයා වෙනුවෙන්.
නමුත් අද මගේ පිහිටට ඉන්නේ මගේ දෙමව්පියෝ විතරයි.
නීතිමය උපදෙස් මත මම මේ ගැන කඩවත පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. අපි මුණගැසුණේ මහේන්ද්‍ර පෙරේරාගේ ඩ්‍රාමා ක්‌ලාස් එකේදී. එයා නිසා මම කලා කටයුතුවලිනුත් ඉවත්වුණා. මේ හැමදේම කැප කරපු මට එයා අද සැලකුවේ මේ විදිහටයි.
http://www.divaina.com/2012/12/23/cineart01.html
Thursday, December 20, 2012
ලෝක විනාශයට පෙර මෙලොවින් නික්ම යාමට පිටසක්වල යානයක්.
2012 දෙසැම්බර් 21 සිකුරාදා- පෙරවරු 10:11
මායාවරුන්ගේ ලෝක විනාශය විශ්වාස කරන ප‍්‍රංශයේ පිරනීස් කඳුකර ගම්මානයක වැසියන් ඊට පෙර මෙලොවින් නික්මීම සඳහා පිටසක්වල යානයක් යොදා ගැනීමට සැරසෙනවා. මෙම ගම්මානය ආසන්නයේ පිහිටි භුගරාච් කඳුකරයේ පිටසක්වල ජීවීන් වාසය කරන බවත්, ඔවුන් ලෝක විනාශයට පෙර නික්ම යනු ඇති බවත් ගම්වාසීන්ගේ අදහසයි. මේ නිසා පිටසක්වල වැසියෙකු පදවන අභ්‍යාවකාශ යානයක නැගී මෙලොවින් නික්මීමටයි ඔවුන් සූදානම් වන්නේ. ඒ සඳහා වෙනත් ප‍්‍රදේශවල ජනයා පැමිණෙතැයි බියෙන් ඔවුන් ගම්මානයට පැමිණෙන මාර්ග සියල්ල අවහිර කර ඇති බවත් වාර්තා වනවා. කෙසේ නමුත්, විද්‍යාත්මක සාධක අනුව තහවුරු කර ඇත්තේ අද එවැනි ලෝක විනාශයක් සිදුනොවන බවයි.@hiru news
අඳුරු ධූම කේතුවක් පෘථිවිය වෙත ඇදී ඒමේ ඉඩක්
කීර්ති වර්ණකුලසූරිය
පෘථිවිය වෙත අඳුරු ධූම කේතුවක් ඇදී ඒමට ඉඩ ඇති බව මහාචාර්ය බෙල් චර්නල් මහත්මිය කියා සිටී.
මේ අඳුරු ධූම කේතුව හඳුනා ගැනීම දුෂ්කර බවත් එහි විශාල වශයෙන් දූවිලි පිරී ඇති බවත් ඇය සඳහන් කරයි.
මෙම අඳුරු ධූම කේතුව පෘථිවිය සමග ගැටුණොත් දූවිලි වළාවක් වායුගෝලයට එක්‌වී බිලියන ගණනාවක් ජනතාව දුෂ්කරතාවන්ට පත්වන බව ඇය අනතුරු අඟවා සිටී.
මේ අතර ආචාර්ය ඩෙට් රොකරි පවසන්නේ සුපිරි ගිනිකන්දක් පිපිරී එහි දූවිලි වළාවන් වායුගෝලයට එක්‌වී පෘථිවියට අහිතකර තත්ත්වයක් ඇතිකරන බවයි.
මෙයට සමාන ප්‍රකාශයක් කරන ඇමරිකානු භූ විද්‍යා සමාජයේ හිටපු සභාපති බ්‍රයන් ලිට්‌ල් පවසන්නේ මුහුද යට නායයැම් සිදුවී මීතෙන් වායු නිධි පෘථිවියේ වායුගෝලයට එක්‌වී විනාශකාරී තත්ත්වයන් ඇති වන බවත්ය.
Tuesday, December 11, 2012
කොළඹ සිංහල ජනගහනය සියයට 24 ට බසී
චතුර පමණුව
කොළඹ ප්‍රදේශයේ සිංහල ජනගහනය 1971 දී 50% ක් වුවද 2012 පූර්ව සංගණන තොරතුරු අනුව 24% දක්‌වා පහළ බැස ඇත. කොළඹ දෙමළ ප්‍රතිශතය 33% ක් වන අතර මුස්‌ලිම් ජනගහනය 40% කි.
1971 දී කොළඹ මුස්‌ලිම් ජනගහනය 19% ක් වූ අතර එය 2012 දී 40% දක්‌වා වර්ධනය වී ඇත. 1971 දී දෙමළ ප්‍රතිශතය 24.5 ක් වූ අතර එය අද 33% කි.
2012 දී කොළඹ වෙසෙන සිංහලයන් ප්‍රමාණය 79468 ක් වන අතර දෙමළ ජනගහනය 106325 කි. මුස්‌ලිම් ජනගහනය 126345 කි.
http://www.divaina.com/2012/12/11/news08.html
Thursday, December 6, 2012
දකුණින් පන්සල, වමෙන් පාසැල, මැද ගණිකා මඬම
බදුරළිය ප්‍රදේශයේ ගණිකා
මධ්‍යස්ථානයක් පවත්වාගන ගිය පුද්ගලයෙකු හා ඔහු ගේ සහායකයා සමඟ කාන්තාවන් දෙදෙනෙකු
බදුරළිය පොලිසිය අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු
ඔවුන්ට රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත්
දමින්ද ආර් වඳුගොඩපිටිය මහතා නියම කළේය. වාහන සේවා ස්ථානයක් අසල රහසිගතව පවත්වාගන
ගිය මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් සහ ඔහුගේ
සහායකයාට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම විය. එම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදීම
සඳහා රැදී සිටි බදුරළිය හූඩිගල්ල සහ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනාට
එක් අයෙකුට රුපියල් හැත්තෑ පන්දහස බැඟින් දඩ නියම විය. වයස අවුරුදු හතලිස් තුන හා
හතලිස් දෙක වයස්වල පසු වූ කාන්තාවන් මෙම ස්ථානයේ ගණිකා වෘත්තියේ යෙදී ඇත. ප්‍රදේශයේ
ප්‍රධාන විහාරස්ථානයක්, ප්‍රධාන පාසලක් ද ආශ්‍රිතව මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගන
ගොස් ඇති අතර ප්‍රදේශයේ ලාබාල තරුණ පිරිස් මෙම ස්ථානයට පැමිණෙන බව ප්‍රදේශයේ ජනතාව
කියති. මෙම සැකකරුවන් හට අදාල දඩ මුදල් ගෙවා ගත නොහැකිව රිමාන්ඩ් ගත කර ඇත. මේ
පිළිබද පරික්ෂණ කටයුතු බරදුරළිය පොලිසිය විසින් මෙහෙයවන ලදී.
(උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙනි)
සෝමරත්න පොද්දෙණිය -
අගලවත්ත
(උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙනි)
Wednesday, December 5, 2012
ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව වැඩිවෙයි:
දිනකට නීති විරෝධී ගබ්සා 650 ක්
ඒමන්ති මාරඹේ
මෙරට පර්යේෂකයන් විසින් ගබ්සාවන් පිළිබඳ සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව දිනකට මෙරට ළදරුවන් 3 දෙනකු උපත ලබන විට තවත් ළදරු කලල 2 ක් ගබ්සා කෙරෙන බව අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණවලදී රැස්‌කරගෙන ඇති දත්තයන්ට අනුව දිනකට මෙරට සිදු කෙරෙන නීති විරෝධී ගබ්සාවන් සංඛ්‍යාව 650 - 750 අතර සංඛ්‍යාවකි.
මෙරට දරුවන් දෙදෙනකු සිටින විවාහකයන් අතරින් ගබ්සාවන් කර ගැනීම සඳහා පවතින ඉල්ලුම වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසයි. පවතින ආර්ථික දුෂ්කරතාවන් මත තවත් දරුවකු හදා වඩා ගැනීමට නොහැකි වීම, අවශ්‍ය පමණ දරුවන් සිටීම හා දෙවැනි දරුවා වයසින් අඩුවීම මෙසේ ගබ්සාවන් සිදු කර ගැනීමට පෙළඹෙන විවාහක කාන්තාවන් ඉදිරිපත් කරන නිදහසට කරුණු බව එම සංගමය පෙන්වා දෙයි. මේ අතර මෙරට අඩු වයස් කාණ්‌ඩවල පසු වන යෞවන යෞවනියන් අතර සිදු වන විවාහ සංඛ්‍යාව වැඩි වෙමින් පැවැතීමද අනවශ්‍ය ගැබ් ගැනීම් හා ගබ්සාවන් ඉහළ යැමට හේතු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.
මේ වනවිට මෙරට වාර්ෂිකව සිදුවන විවාහයන් අතුරින් සියයට 6.5 ක් මෙම අඩුවයස් යෞවන යෞවනියෝ අතර සිදුවන විවාහ වන අතර මුස්‌ලිම් ප්‍රජාව තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්‌නට ඇතැයි ඇය සඳහන් කළාය.
Subscribe to:
Comments (Atom)